සඳගිර

A word from my heart to mother language

සඳගිර

මම සෑහෙන කාලෙක ඉඳල හරියට blog එකක් ලියන්ඩ try කරන්නෙ. අන්තිමෙිදි blog ලිවිල්ල එපාම උනා. කොහොමිං කොහොම හරි web එකේ එහෙ මෙහෙ යද්දි මට slblogs කියන site එක මුණගැහුනෙ. එතකොටයි මම දැන ගත්තෙ අන්තර්ජාලයෙ සිංහල භාවිතය මෙචිචර දියුණුවෙලා කියල. අන්තිමෙිදි එ් පාර දිගේ යද්දි තමයි තේරැනේ අපේ කට්ටිය කොච්චර දුර ගිහින්ද කියලා.

ඔන්න ඔය අතරෙ තමා මම දැක්කෙ සිංහල blog මැරතන් එකක් තියන්ඩ යනව කියල. අග මුල නොදැන දුවන්නෙ කොහොමද? මම ඉතින් පැත්තක ඉඳගෙන race එක බලාගෙන හිටිය. කොහෙද එ්කටත් හෙන පහර හරහට හිටිය. ඉතින් එහෙමයි කියලා මට පැත්තකට වෙලා ඉන්ඩ පුලුවනෑ, ඔන්න අපිත් සිංහලෙන් blog ලියන්ඩ අාවා.

අාවට මොකද තාම භාෂාව අවුල්. ඉස්කෝලෙ ටීචර් එහෙම දැක්කනං මෙි ලියල තියන විදිහ, මාසෙකට හරියන්ඩ එක පාර බැනුන් අහන්ඩ තිබුන.

කොහෙම හරි කමක් නෑ. ඔන්න මම blog ලියන්ඩ පටන් ගත්තා. හිතනවා අයියල අක්කල උදවි වෙයි කියල වැරදි හදාගන්ඩ.

එහෙනං ඔන්න අදට නිමයි.

හෙටත් එන බලාපොරොත්තුවෙන්, අදට සමුගන්නං.

තරිඳු.

April 24, 2008 - Posted by tharindu | diary | | No Comments Yet

No comments yet.

Leave a comment