සටහන
මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්ණත් එක්ක ගත්තහම මේව මොනවද කියලත් හිතෙනවා. හැබැයි වැඩේ කියන්නෙ මේවගේ දේවල් වෙද්දි දුක හිතෙනවා.
පන්ති ගිහියත්, උපාධියක් කලත්, වෙන මොන විදිහකට ඉගෙන ගත්තත් අන්තිමට රස්සාවක් කරන්ඩ වෙනවා. අන්න ඒ වෙලාවට වැඩ කරන්ඩ වෙන්නෙ කාත් එක්කද කියන එක නං තීරනය වෙන්නෙ “වෙලාව” මතද කොහෙද.
Diploma එක ඉවර වෙද්දි කරල තිබුනෙ HTML සහ Java Script විතරක් උනාට පොත් පත් සහ අන්තර්ජාලය පස්සෙ පන්නල පන්නල Web Site එකක් හදාගන්ඩ අවශ්‍යය වෙන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. කොහොමින් කොහොම හරි වැඩක් කරගන්ඩ පුළුවන් මට්ටමකට ආවයි කියමුකො. ඊට පස්සෙ තියෙන ප්‍රශ්නෙ “මට මොනවද කරන්ඩ තියෙන්නෙ?” ඔන්න ප්‍රශ්නෙ පටන් ගන්න තැන.
හොඳ ඇඳුරැම් කම් ජාලයක් තියෙනවනං ඒකත් ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ වගේ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ජාලය හැමෝටම හදාගන්ඩ පුළුවන්ද කියන එකයි ඒ ජාලයේ පුරැක් වල හැකියාවන් හා ප්‍රභලතාව මතයි. ඒ අනුව ගත්තහම වැඩක් හොයාගන්න එකත් එච්චරම ලේසි වැඩක් නෙමේ වගේ හැබැයි ඉතින් ඕන කම තමා වැදගත්ම දේ.
මම අමාරැවෙන් ඔය ප්‍රශ්න ගානටම උත්තර හොයාගත්ත. දැන් මට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ ඒ හොයාගත්ත අන්තිම උත්තරේ.
වටේ ගගහ ඉන්නැද්දි ලංකාවෙ ප්‍රසිද්ද ක්‍රීඩා සංගමයක Web site එක හදන්ඩ අවස්ථාව ලැබුන. ඔරැව හම්බුන වෙලාවෙ තොටියගෙ ජාතකෙයි ගගේ ජඹුරයි හොය හොයා හිටියෙ නෑ නැග්ග ඔරැවට. ගඟ මැද්දෙදියි තේරැනේ තොටියට ඔරැව පදින්ඩත් බෑ පදින්ඩ දෙන්නෙත් නෑ කියල. මොනව කරන්ඩද නැග්ග ඔරැවනෙ එගොඩට යන්ඩම ඕනෙ හින්ද හිතේ වීරියට දන්න ජාති ඔක්කොම දාල බලෙන්ම පදිනවා. වැඩේ තියෙන්නෙ මිනිහ මට හබල දෙන්නෙත් නෑනෙ.
අනේ මන්ද, ඔරැවටත් වතුර පිරෙනවා. ඉව්රත් දුරයි, මගෙත් අවසානෙද මන්ද. තවම ඉතුරැවෙලා තියෙන්නෙ හිතේ හයියයි පීනන්ඩ පුළුවන් කියන විශ්වාසෙයි විතරයි.
අනේ මන්ද ජීවිතේ කියන්නෙත් මහ පුදුම දෙයක්. ඊයෙ කවි ලිව්ව. අද මට නලාව වදිනව වගේ.
![]()
සඳගිර
පන්තියෙන් සිතුවිල්ලක්
යාළුවෙක්ට පොඩි සමිබන්දෙකුත් තියෙනවා……. හැබැයි කව්රැත් ඒ ගැන මුකුත් කියන්ඩ එපා…….. එහෙම උනොත් මම ඉවරයි………
සඳ දුරයි ආකාසයේ
රැස් ළඟයි ඔබෙ සුවඳ සේ
සිත සරයි ආකාසයේ
ඔබෙ මුහුණ සොයනා ලෙසේ
තරැ ඇතත් මුළු අහස පුරා
සඳු නැතොත් ඒ අහස අරා
මගෙ නෙතත් ඔබ දකින තුරා
හද දවයි අඳ අහස යුරා
සිටියත් ඔබ නැති නෙත් දහසක් අතරේ
සිත නෙත දෙකම නුඹෙ දසුනයි සෙව්වේ
දුටුවන නයන පිනවන ලෙස ඔබ දසුනේ
අවසන පිනන ලෙස සිටිනා වැද සුසුමේ
හිමි නොමැති වග දනිමි
සිත ඔබේ මත දැවෙමි
නෙතු ඔබේ දෙස බලමි
නිහඬවම නෙතු විඳිමි
අහිමි මුත් ඔබෙ දෑත
නැත පලක් විඳවීම
ඇත දෙයක් විඳගැනුම
දෙස හැරෙමි ඉගනීම
සඳගිර
මෙම කවි සඳහා පිටපත් කිරීම පිළිබඳ නීතීන් සහ රෙගුලාසි නැතිමුත් කොපි කිරීම නොගැලපෙන නිසා උපුටා ගැනීම්වලදී හෝ මෙය නැවත පල කිරීමේදී දැනුම් දීමට කාරැණික වන්න. එමෙන්ම කරැණාකර වෙනස් කිරීමෙන් වලකින්න. උපුටා ගැනීමේදී නම (සඳගිර)ද සමඟ උපුටාගන්න.
ස්තුතියි.
සිංහල SMS කෙටි යෙදුම්
අද යාළුවෙක් මට එව්ව mail එකක තිබුන දෙයක් තමා මේ. හැබැයි ලස්සන වැඩක් එහෙමත් නැත්තං ලස්සන අදහසක් හින්ද මේක blog එකට දාන්ඩ හිතුනා. බලන්ඩකො කොහොමද කියල.
ආදරවන්තයින්ගේ SMS සඳහා සිංහල කෙටි යෙදුම්
KI = කොහොමද ඉතින්
OI = ඔහෙ ඉන්නවා
BK = බත් කෑවද
OK = ඔව් කෑව
KHI = කොහෙද ඉන්නෙ
KG = කොහෙද ගියෙ
HHWA = හෙට හමු වෙමුද අපි
HM = හ්ම්
NAHWA = නෑ අද හමු වෙමුද අපි
IG = අය්ය ගෙදර
UM = උම්ම
UMMMM = උම්ම්ම්ම
HE = හෙට එනවද
AB = අපි බදිමු
TAN = තම අව් රුද්දක් වත් නෑනෙ
AK? = අම්මලට කියමුද?
AHN = අනේ හරි නරකයි
EHN = ඊය හරි නරකයි
VIK = විහිලුවටනෙ ඉතින් කිව්වෙ
VT = විහිලු තමයි
HAT = හ්ම් අපි තරහයි
HHI = හරි හරි ඉතින්
මතු සම්බන්ධයි
අදට ඇති. හෙට මේකෙ ඉතුරු ටික අරන් එන්නං
ඔන්න අපි ගියා……….
කාලෙකට පස්සෙ….
ලියන්ඩ ගියාම පටන්ගත්ත හදිස්සියත් නෑ. ලියන්ඩ දේවලුත් නෑ කියන්ඩ දේවලුත් නෑ කරන්ඩ දේවලුත් නෑ කියල හිතුනට ඒක එහෙමත් නෑ, උවමනාවක් නැතිකමදත් කියල හිතෙනවා.
කොහොම හරි කමක් නෑ ඔන්න ගූගුල් සෙවුම් (Google search engine) යන්ත්රේට පුලුවන් පොඩි වැඩකුත් හොයාගෙනයි ආවෙ.
ඕගොල්ලො දන්නවනෙ. ලන්කාවෙ විතරක් නෙමේ ලෝකෙ ගොඩාක් රටවල් ආරක්ශක කැමරා (security camera) පාවිච්චිකරනවනෙ. ගූගුල් සෙවුම් (Google search engine) යන්තරේට පුලුවන් ඒව බලන්ඩ පොඩි අවස්තාවක් ලබාදෙන්ඩ. ඒවිතරක්මත් නෙමේ. සමහර කැමරා පාලනය (control) කරන්ඩත් ඒකියන්නෙ ඒ මේ අත හැරවීමේ හැකියාවත් ඔබට තියෙනවා. කැමතිද උත්සහ කරල බලන්ඩ.
ඇත්තටම මහලොකු වැඩකුත් නෑ. පොඩි වැඩක් කරන්ඩ තියෙන්නෙ.
පළමු පියවර – ඔබගේ පරිඝණකයේ අන්තර්ජාලය වෙත ඇති ජනේලය. එසේ නැතිනම් අන්තර්ජාල සෙවුම්කරු (Internet explorer) හෝ ගිනිනරියා (Firefox) හෝ වෙනත් එවන් කව්ලුවක් විවුර්ත කරගන්න.
දෙවන පියවර – එහි ලිපිනය සදහන් කරන කව්ලුවේ (address bar) http://www.google.com යනුවෙන්සදහන් කර ඇතුලු කිරීමේ (Enter key) යතුර ඔබන්න.
තෙවන පියවර – මතු වූ ගූගුල් සෙවුම් යන්තරයේ inurl:view://shtml යනුවෙන් සදහන් කර ඇතුලු කිරීමේ යතුර (Enter key) ඔබන්න.
හහා… කැමරාවලට යන පාර මෙන්න………..
ඔබට කැමති ආකාරයකට එහි යාමේ අවස්ඨාව දැන් ඔබට.
හැබැයි පරිස්සමින්. බොරු වලවල් උගුල් අතුරු ආන්තරා නෑ කියල මම කොහෙදිවත් කිව්වෙ නෑ විතරක් නෙමේ. ඒව තියෙන්ඩ පුලුවන් කියල අනතුරු ඇගෙව්ව කියලත් මතක තියාගන්ඩ.
ඔන්න අදට කතාව ඉවරයි. ඉක්මනට ආපහු එන්නන්…..
තවත් පොඩිදෙයක් තියෙනවා කියන්ඩ……..
මම වෙබ් එකක් හදාගෙන යනවා http://www.firebox.com.on.lk කියලා. ඒක ජාලකරනය පිළිබද තොරතුරු ඇතුලත් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ. හැබැයි වලින්. ඇවිත් බලන්ඩ.


![[Valid RSS]](valid-rss.png)