සඳගිර

A word from my heart to mother language

උතුරැ මැදට සහ නැගෙනහිරට

මොකක්ද යකෝ මේ හරැපෙ……. උතුරැ මැදට සහ නැගෙනහිරට? නැහැ නැහැ මම පහුගිය දවස්ටිකේ ඉස්කෝලෙ හිටපු යාළුවො ටිකත් එක්ක පොලොන්නරුවෙ ඉන්න යාළුවගෙ ගෙදර ගියා පොඩි නිවාඩුවක් අරගෙන එන්ඩ කියල. ඇත්තම කියනවනං මේ දවස්වල කොහොමත් පන්තියෙ වැඩ වලට වඩා වෙන වැඩ වැඩි හින්ද මටනං අමුතුවෙන් නිවාඩුවක් ඕන උනේ නෑ. ඒත් යාළුවො ටික එකතුවෙන්නෙ අවුරැදු දෙකකට විතර පස්සෙ හින්ද නොගිහින් බැරි හින්ද ගියේ.

යනව කියල කියන්ඩත් කලින්ම අම්මට ඉව වැටුන. අනේ මන්ද අම්මල කියන්නේ මොනවගේ ජාතියක්ද කියල. ළමයි ගැන පුදුමාකාර ඉවක් තියෙන්නෙ. අපි හැරෙද්දි දන්නවා මොකක් හරි නටන්ඩතමා ලෑස්තිවෙන්නෙ කියල. මේ බස්වල කෝච්චිවල ‍බෝම්බ පුපුරනව ඉවරයක් නෑ මෙයා රස්තියාදුවෙ යන්ඩ ලෑස්තිවෙනව කියල පළවෙනි වෙඩිමුරය තිබ්බෙ එනවද අහල මෙත්ත (හිඟුරක්ගොඩ යාළුවා) දුන්න Call එකේ වචනයක් දෙකක් ඇහිල වෙන්ඩ ඕනෙ. වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසිනීතිය ක්‍රියාත්මක කර සම්බාධක පනවල මුලු ගෙදරම යුධ මානසිකත්වය ඇතිකලා එදා රෑවෙද්දි. මමත් ඇමරිකන් ප්‍රහාර වලට ඉරාකය මුහුණ දුන්න වගේ අම්ම වචන සීයක් විතර කියද්දි එක වචනයක් විතර කියල කෝටියක විතර තරහ අවුස්සල ආපහු ඇහුනෙ නෑවගේ සද්ද වහල මගඇරල හිටිය. අන්තිමේදි කොහොමහරි “ඔයා මොනව කිව්වත් අම්මෙ මම යනව කියල ඔයා දන්නවනෙ,  ඉතින් එහෙම එකේ ගමන ගිහින් මොනව හරි උනොත් ඔයාගෙ කට තමා කිව්ව. ” බේත හරියටම හරි ගියා. වහාම ක්‍රියාත්මක වන පරිදි යුධ නීතිය හා සමීබාධක ඉවත්කර ගමනට අවශ්‍ය පහසුකමි අවම තත්වය යටතේ සැපයීමට තීරණය කලා.

ඉතින් ඊට පස්සෙ නානාවිද යෝජනා සූදානම්කිරීම් සහ යන කන්ඩායම දැනුවත් කිරීම් වලින් අනතුරුව 29, 30, 31, 1 සහ 2 යන දිනයන් වල ගමන යාමට තීරනය වුනා. නමුත් නොවැලක්විය හැකි හේතුවක් නිසා අන්පිරිස 29 රාත්‍රි‍ තැපැල් දුම්රියෙන්ද මම 30 සිකුරාදා රාත්‍රියේ බස් රථයෙන්ද යාමට කථිකාකරගෙන ඒ අනුව පොලොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙත්තාගේ නිවසට ළඟාවුනා. උසස් පෙල කරන අවදියේ දස දොළොස් දෙනෙක් වූ මිතුරු පිරිස මේ වනවිට නොයෙකුත් හේතූන් මත 5දෙනෙක් දක්වා අඩුවෙලා. හේතුව බලාපොරොත්තු තබා සිටින කාන්තා පාර්ශවයේ විරෝධය බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරසිටියා.

29 සිකුරාදා පව 8.00

කොළඹ සිට කදුරුවෙල බලා පිටත්වීමට නියමිත මාර්ග අංක 48 බස් රථයකට ගොඩවුනා. කන්ඩ තියා ‍බොන්ඩවත් මුකුත් ගත්තෙ නැති නිසා අතේ තිබ්බ බෑග් එක පොඩ්ඩකට තියාගන්ඩ පුලුවන්ද කියල ලඟ හිටපු කෙනාගෙන් ඇහුවාම බෝම්බෙකට අහු වුනා වගේ මූන දිහා බැලුවා. ඒ පාර වතුර හිතින් අත ඇරල ත්‍රස්තවාදය වපුරල මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරන කාලකන්නින්ට හිතින් සාප කරකර ඇලට් එකක් දාන්ඩ සූදානං වුනා.

30 සෙනසුරාද පෙව 3.00

මින්නේරිය ටවුන් එකෙන් බැහැල *වීල් එකක්* Taxi එකක් අරගෙන යාළුවගෙ ගෙදරට සම්ප්‍රාප්ත වුනා. යද්දි කාමරේකුයි ඇඳකුයි ලෑස්ති කරල තිබ්බ. නාල කරල නිදාගන්ඩ කිව්වම පිස්සු හැදෙයි කියල  මූණ කට හෝදගෙන ඇඳට වැටුන.

30 සෙනසුරාද පෙව 8.00

කොහෙවත් යනවට වැඩිය ගෙදර ඉන්න එක හොඳා කියල එදා දවස ගෙදර හිටියා. Carom ගැහුව. ඒක අමුතු board එකක්.  එක හැඩයක් කියල නෑ. නා නා විද හැඩ තල තිබුන අමුතු එකක් නිසා Carom වගේ සෙල්ලමක් කලා කිව්වොත් වැඩිය හරි. ඕමි ගැහුවා. ම්..ම්..ම්..ම් Call of duty 4 ගැහුවා.

30 සෙනසුරාදා පව 10.00

හෙට උදේම ත්‍රිකුණාමලේ යන නිසා කලින් නිදාගන්ඩ ආව. ඉන්දියාවෙ මොකක්ද ක්‍රිකට් සෙල්ලමක් යන හින්ද අග මුල නොදැන බලන් ඉන්ඩ වුනා.

……………………………………………………………..

……………………………………………………………..

නිදිමතයි අද ඔක්කොම විස්තරේ ලියන්ඩ බෑ. මතු සම්බන්දයි.

……………………………………………………………..

June 4, 2008 Posted by tharindu | diary, චාරිකා | | No Comments Yet