උතුරැ මැදට සහ නැගෙනහිරට – ඉතිරි කොටස
31 ඉරිදා පෙව 6.00
උදුල උදේම ගෝෂකයගෙ වැඩේ බාර අරගෙන. නැගිටපාන් කියල දාපු සද්දෙට මට නෙමේ කුම්භකර්ණයගෙ තාත්තට වුනත් ඇහැරෙන්ඩ හොඳටෝම ඇති කියල හිත හිත. හරි යකෝ පොඩ්ඩක් හිටපන් කියල අමාරුවෙන් ඇස් ඇරගත්තෙ යන්ඩ තියන ගමන මතකෙට ආපු හින්ද. නැත්තං උදුලය නෙමේ සක්කරය බෙරිහන් දුන්නත් කුදගහගනිං කියල නිදාගන්න විතර නිදිමතක් ඉතුරුකරගෙන නැගිටලා අමාරුවෙන් ඇස් දෙක ඇරගත්ත. බැලුවහම තිළිණය තාම නිදි. යකෝ උදුලයගෙ සද්දෙට ඇහැරුනෙත් නෑකියන්නේ මූ බෝම්බයක් කණ ඇතුලෙ පිපුරුවත් ඇහැරෙන්නෙ නෑ කියල. එහෙමයි කියල මුට නිදාගන්ඩ දීල මූ පරක්කු උනාම අපිටමනෙ පාඩු කියල ඇදෙන් බිමට ඇදල දැම්මා. *ඒක විශේෂයෙන්ම කිව්වේ ඌ උදේ ඉඳලම රන්ඩු වුනා මම ඒක කලේ මාව ඇහැරවපු එකේ ඊරිසියාවට කියල.
මෙත්තගෙ නැන්ද දීපු තේක බීල පෝලිම් වල වැඩ අවසානයේ ගමනට සූදානම් වීම අවසන් වුනා.
//එන්ඩ ලෑස්තිවෙලා අවසාන මොහොතෙත් අම්මගෙ ප්‍රකාශයන් මතකෙ බයානක නැති තැනක
නාන්ඩ ඇඳුම් ටිකකුත් ගත්තා.//
අන්තිමේදි ගෙදරට ආපු වෑන් එකක ගමන පිටත්වුනා.
31 ඉරිදා පෙව 11.00
රියදුරු මහත්තය ඒ පැත්තෙම කෙනෙක් නිසා ගමනේ මුල් හරිය කිසි ප්‍රශ්නයක් නැතුව ගියා. එක ප්‍රශ්නයක් ඇරෙන්ඩ. ප්‍රශ්නෙ වුනේ පොලිසිය. කොළඹ බෝම්බ පිපුරුවත් ඒ පැත්තෙ නං කිසිම ප්‍රශ්ණයක් නෑ බෝම්බයක් තියා බට්ටෙක්වත් පත්තු කරන්ඩ බෑ පොලිසියට හරි සිවිල් ආරක්ෂකයෙක්ට හරි අහුවෙන්නෙ නැතුව. හිඟුරක්ගොඩ ඉඳල පොත් සීයක විතර විස්තර සටහන් කරගෙන අමාරුවෙන් ත්‍රිකුණාමලයට සැපත්වුනා……
අර රනිල් මහත්තය කියන ආයුධ ගත්ත පිල්ලයාන්ගෙ සෙට් එකේ එකෙක්ව බලාගැනීමේ ඉමහත් ආසාවකින් පසුවුනත් එනකන්වත් ඒ ආසාව ඉස්ට වුනේ නෑ. මේ අඩියෙන් අඩියට පොලිසියෙන් ඉන්න ත්‍රිකුණාමලේට මොන තුවක්කුද කියල වෙන්ඩ ඇති.
කොහොම හරි ටවුන් එකට ගිහිල්ල හමුදාවෙ අයියලගෙන් පාර අහගෙන ඉස්සල්ලම කෝණේශ්වරම් (කෝණේසර්) කෝවිලට ගියා. ඒකට යන්ඩ තියෙන්නෙ ආමි කෑම්ප් එකක් මැද්දෙන් හින්ද camera, camera phone මුකුත් ගෙනියන්ඩ දෙන්නෙ නෑ. එතන Entrance එකේ තියෙන check point එකේ ඒව ඔක්කොම තියල යන්ඩ වුනා. හැබැයි තියල ගියාට මොකද පස්සෙ නං * කෝවිල ලඟට ගියාමනං හිතුන අපරාදෙ කියලා. ඒ වගේ දර්ශණයක් වීඩියෝ කරන්ඩ ෆොටෝ ගන්ඩ බැරි උනාට බලන්ඩ පුලුවන් උනානෙ කියල හිත හදාගත්ත. ඒ වගේ මුහුදක් ඒ වගේ දර්ශනයක්……..
ආ තව විශේෂ දෙයක් තියෙනවා. කෝවිල තියෙන්නෙ ත්‍රිකුණාමලය ලන්දේසි කොටුව ඇතුලෙ. ඉතින් හිතාගන්ඩ පුලුවන්නෙ මොනවද බලන්ඩ තියෙන්නෙ සහ මොන වගේ පරිසරයක්ද කියල.
ඉතින් ඊටපස්සෙ ආපහු ඇවිත් හමුදාවෙ අයියලත් එක්ක කතාකරල උදේට කන්ඩ ෆයිනස් වගාවක් ගාවට ආව. ඇතුලට ගියාමයි දැක්කෙ ඒක ඇතුලෙ මුව රංචුවක් ඉන්නවා. ඒ මුවො හරිම හීලැයි. කාල දුන්න බත් කන්ඩ කිසි බයක් නැතුව ළඟටම එනවා. ඉතින් අපිත් ඉටිකොල (බත්කොල) අයින්කරල මුවන්ට කන්ඩ දීල ආපහු ගමන පටාන් ගත්ත.
කන්නියා සහ නිලාවැලි ගිය ගමන හෙට ලියන්නං. ඉතිං අදට යන්නං. සුපුරුදු පරිදි හොඳට නිදිමතයි.

![[Valid RSS]](valid-rss.png)