සඳගිර

A word from my heart to mother language

උතුරු මැදට සහ නැගෙනහිරට – අවසාන කොටස

31 ඉරිදා පව 1.00

ඉතින් ගමන පටන් ගත්ත කිව්වට යන්ඩ තැන් මිසක් යන විදිහ එකෙක්වත් දන්නෙනෑ.. ඉතින් රවුම කැරකිලා ආපහු නාවික කඳවුර ළඟටම ආව. එතන Duty හිටිය ආමි එකේ අයියල දෙන්නෙක්. ඒදෙන්නත් එක්ක කතා කරල උණුවතුර ලිං බලන්ඩ යන විදිහ ඇහුවා. ඒ අහල යන්ඩ හදද්දි අපේ මෙත්තට රනිල්ගෙ පාරුව (කින්නියා පාලම්පාරුවට දැන් එහෙ මිනිස්සු කියන්නෙ එහෙමයි.) බලන්ඩ යන්ඩ හෙන උවමනාව විතරක් නෙමේ. උනුවතුර ලිං තියෙන්නෙත් එහෙ කියල හෙන වලියක්. ආපහු ගිහින් ඇහුවහම ඒ අයියල කිව්ව කින්නියා බලන්ඩ දෙයක් නෑ ඕනෙනං පාලම් පාරුවෙ ගිහින් ආපහු ආවහැකි. උනුවතුර ලිං තියෙන්නේ කින්නියා නෙමේ කන්නියා වල කියල. කින්නියා උනුවතුර ලිං නොව කන්නියා උනුවතුර ලිං. ඉතින් ඊට පස්සෙ ආපහු ඒ අයියලට යන්නං කියල ගමන පටන්ගත්තා. සුපුරුදු පරිදි පොලිසිය දකින දකින තැන අපිව පරීක්ෂා කර කර ලිය ලිය යැව්වා.

ඉතින් ඔන්න ඔහොම අපි කන්නියා කිට්ටුවටම ආව. එතන තියන හමුදා check point එක තමා අපි ලියපු එකම හමුදා check point එක. එතන මරු වැඩක් වෙම්න් තිබුනා. වැලි ට්‍රැක්ටරයක් උඩ ඉඳගෙන මිනිහෙක් එහා කෙලවරේ ඉඳල මෙහා කෙලවරට ඒකෙ පටවලා තියෙන වැලි ගොඩ හාරනවා. එතන ඉඳන් හමුදා නිලදාරියෙක් එහෙට මෙහෙට ඒක හාරනවා. ට්‍රැක්ටරේ ගාව කොන්ක්‍රීට් ගල්ගොඩකුත් බාල……… සිද්දිය මේකයි.

මිනිහ කරන්නෙ හොර වැඩක්. වැලි අදින්ඩ තහනංනෙ මිනිහ වැලි ලෝඩ් එක ගහල ඒක උඩින් කොන්ක්‍රීට් ගල් ගොඩකුත් ගහගෙන උඩසාක්කුවෙ සිගරට් පැකට් එකකුත් දාගෙන ‍කොන්ක්‍රීට් ගල් ගෙනියනව වගේ වැලි අදිනවා. පොලිසියෙන් බැලුවොත් සිගරට් එකක් දීල ෂේප් එකක් දාගෙන යනවා. ඉතින් පොලිසියෙ 1000ක් හිටියත් මොකටද කියල හිතෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ හමුදාවට ඕව අල්ලන්ඩ බැහැ. ඒක කරන්ඩ පුලුවන් පොලිසියට විතරයි. බැලුවහම සුපුරුදු විදිහට යන්ඩ හදල. ඒකට රැග් එකක් තමා හමුදාවෙන් දීල තියෙන්නෙ………

හරි හරි ආපහු ගමනට….. ඊට පස්සෙ ‍ඔන්න අපි කන්නියා උනුවතුර ලිං ගාවට ආව. මම දෙදහස් දෙකේ අවුරැද්දෙ කොටි යටතෙ තිබ්බ කන්නියා වලට එද්දි වාහනේට වෙනම ලිං බලන්ඩ වෙනම සල්ලිත් ගෙවල උන්ගෙ යටතෙ බල්ලෙක් වගේ උන් කියන විදිහට ගිහින් ඔන්න ලිං මෙන්න ලිං කිව්ව.. වතුරත් නැති ලිං බලල ආපහු ආව… ‍එතකොට උන් ඒකෙ උන් හදාගත්ත ඉතිහාසෙකුත් ගහල තිබ්බා.

හැබැයි මේ පාර ගියේ කොටි නැති කන්නියාවකට….. හැමෝගෙම මූනු වල හිනාව. ඒකට දෙමල හිනාව සිංහල හිනාව මුස්ලිම් හිනාව කියල බේදයක් තිබ්බෙ නෑ….. ආරක්ෂාවට ඉන්නෙ හමුදාවෙ අයියල. වාහනේ නවත්තන්ඩ ලිං බලන්ඩ කාගෙවත් අවසරවත් කාටවත් සල්ලි දෙන්ඩවත් ඕනෙ නෑ… රනිල්ගෙ සාමෙයි දැන් තියන සාමෙයි වෙනස ඒකයි. ඊට පස්සෙ අපි ලිංවල රස්නෙ බැලුවා. මටනං ඔක්කොම දැනුනෙ එක රස්නෙට. හැබැයි සමහරුන්ට වෙනස්ලු…… ඇත්තමයි මම කාවවත් ඒ ලිඳකට උස්සල දැම්මෙම නෑ. තිළිණයව විතරමයි…. smile_teethsmile_teethsmile_teethsmile_teeth ඊට පස්සෙ ඉතින් එතනිනුත් ආව……. කාටවත් කියන්ඩ එපා ඔයාට විතරමයි මේක කිව්වෙ හරිද?

ඉතින් ආපහු අනුරාධපුර පාරට දාල ඔන්න නිලාවැලි වෙරලට ආවා. වෙරලෙන් බාගයක් විතර දැන් “Nilwali beach hotel” එකෙන් අල්ලගෙන. ඔහෙට යන්ඩ එපා ‍ඔ‍ය හරිය ගැඹුරුයි කියල කියන්ඩ මුරකරුවෙක්ව දාල ඉන්නවා. හැබැයි හෝටලය ඇතුලෙන් ගියොත් ඒ ප්‍රශ්න නෑ… වෙරලම හොඳයි…….

31 ඉරිදා පව 5.00

නාල නාල හිටගන්ඩ බැරි තරමට මහන්සි වෙලා කට්ටියම ගොඩට ඇවිත් ආපහු එන්ඩ ගමන පටන්ගත්තා. ත්‍රිකුණාමලෙන් පිටවෙන්ඩ කලින් තියෙන මුරපලේ හිටපු පොලිස් මහත්තුරු වාහනේ නවත්තල ඔකකොමල බහින්ඩ කියල පරීක්ෂා කරන්ඩ පටන්ඩත්ත. හරි මේ බීඩින් එක ගලවන්ඩ. අරක ගලවන්ඩ. මේක ගලවන්ඩ. දැන් ගිය වාහනේ රියදුරු මහත්තයත් ඉන්නවා හොල්මන් වෙලා. ඇයි යකෝ මොන පරිප්පුවක්ද මේ. මේක වාහනේ මස් කරන්ඩයි ට්‍රයි එක. කරන ගමන් මේ රාලහාමි කියනවා….. මෙහෙම කරන්නෙ ආපහු Trinco නොඑන්ඩලු. බලන්න අපේ සමහරක් පොලිස් මහත්තුරු කොච්චර බුද්ධිමත්ද කියල….. සතුටේ බෑ පොලිසිය ගැන.

ඉතින් අපිත් ඉවරවෙලා අම්මට පින් දිදී ආව…..

එනගමන් මින්නේරිය දේවාලෙට යන්ඩ කියල ආව‍ට ඒකට යන පාර වහල හින්ද කෙලින්ම මෙත්තලෑ ගෙදරට ආව.

ගෙදර ඇවිත් නෑවද කෑවද මතකත් නෑ නිදාගත්ත….

01 සඳුදා පෙව 6.30

දවල් උදුලට සම්මුඛ පරීක්ෂණයක් තියෙනව කිව්ව හින්ද උදේ 7.30ට තිබ්බ බස් එකේ නිවෙස් බලා පිටත්වුනා.

ඔන්න ඔහොමයි අපේ ගමන අවසන් උනේ………. දැන් ඉතින් අලුත් මාතෘකාවක් හොයන්ඩ එපෑ හෙට ලියන්ඩ…… ගිහින් එන්නං……

June 6, 2008 - Posted by tharindu | diary, චාරිකා | | No Comments Yet

No comments yet.

Leave a comment