සඳගිර

A word from my heart to mother language

ගාලු ගමන

ඔන්න ඉක්කයි මායි ගාලුයන්ඩ එලියට බැස්සා………. ගෙදරින් එලියට බහිද්දිම අම්ම කෑගහනවා. “පරිස්සමින් ගිහින් එන්ඩ. ඔය බස්වල එහෙම යද්දි ටිකක් ඇස් ඇරගෙන යන්ඩ. කොහෙ බෝම්බ තියෙනවද දන්නේ නෑ.”  අම්ම කියන කතාවෙ තියෙන්නෙ ලොකු සමාජීය කතාවක්. දැන් මිනිස්සු එලියට බහින්නෙ මරනය එක අතක අරගෙන ජීවන යුද්දය අනේ අතේ තියාගෙන. හරි හරි බකපන්ඩිතයා නොවී ගමන යමං කියන්ඩ කලින් ඔන්න ගමන පටන්ගත්තා.

පාර ගැන කියනවනං මම ඉන්නෙ අරුම පුදුම පාරක. එක කෙලවරක් ජවිපෙ. අනෙත් කෙලවර එජාපෙ මැද එජනිස. හැබැයි එකක්වත් එකකට එකක් සමානවත් සම්බන්ධවත් නෑ. අතරමග බොරලුපාර. ‍ජාහෙඋ ජානිපෙ මුකො ආදී එකී මෙකී නොකී එක එක ජැක් පක්ෂ වලට චාන්ස් එක දීල තියෙන්නෙ ටික ටික අමුනන්ඩ…… ඔය පාර වැටෙන්නෙ නුවර පාරට.

ඔන්න දැන් පාරෙ ඉඳල බැලුවම ලංකාවෙ නා නා විද  ප්‍රදේශ වලට යන බස් පේනවා. ඔක්කොම යන්නෙ කොළඹට හරි කොළඹ ඉඳල හරි. ගම්පහ සහ නිට්ටඹුව බස්වලට අත අල්ලන්ඩ ඕනෙත් නෑ කඩයක් අයිනෙ මිනිහෙක් හිටියත් අය්යා යනවද කියල අහල දාගෙනම යන්ඩ තමා කල්පනාව. ඉතින් ඔය හිමින්සීරුවෙ හදිස්සියක් නැතුව කීයට ගියත් කමක් නෑ කියල යනවනං ඒව හොඳයි. වැඩේ තියෙන්නෙ සීමිත නැවතුමක් නෙමේ හින්ද දුර බස් නවත්තන්නෙ හොරෙන්. හැබැයි මම හුඟක් වෙලාවට යන්නෙම දුර බස්වල.

ඉක්කත් එක්ක යන හින්ද හොරවැඩ කරන්ඩ හොඳනෑනෙ. නැග්ග ගම්පහ කොළඹ බස් එකකට. ඉස්සරහින් ගිහින් ඉඳගන්ඩ. යන්ඩ කිව්වට බයේ බෑ. රාක්ක දිහා හොඳට බලල ඉක්කයි මායි ඉඳගත්ත. ඔය ඉස්සරහට ආපුදෙන්න ටිකට් ගන්ඩ….. කොළඹ දෙකක්. හැටයි… අනේ මන්ද ජාතික සංවර්ධන වේගය. මම 5වසරෙදි ගම්පහ ඉඳල ගෙවල් ගාවට රු2.00 යි අපි ගන්නෙ බාගෙ හින්ද රු1.00යි සමහරදාට ඒකත් හොරෙන්. අද ගම්පහට රු17.00යි. හි හි අධි වේගී සංවර්ධනය.

මල්ලි ටිකට් එක.
මල්ලි ටිකට්…. යකෝ මුගෙ කංවල දෝශයක් වත්ද?
මල්ලි මගෙ ටිකට් එක.
ටිකට් නෑහැ….
ඒක මාර කතාවක්නෙ මම සල්ලි දුන්නනෙ….
ටිකට් පොත ඉවරයි.
එහෙනං අර ගහල තියෙන්නෙ ඔබ දුන් මුදලට සරිලන ප්‍රවේශපත්‍රයක් ලබාගන්න. වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට දඩය රු100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයකි කියල.
ආ ඕක මම නෙමේ ගැහුවෙ.
ආ මල්ලි නෙමේද? එහෙනං අව්ලක් නෑ

මමත් සද්ද වහල යන්ඩ ගත්ත. කුඩේකින්වත් දමල ඇරියොත් එහෙම……

ඔන්න ඔහොම යද්දි කිරිබත්ගොඩ හරියට යද්දි නෑ කිව්ව ටිකට් බෙදාගෙන බෙදාගෙන යනවා. එකෙක් මෙන්න සල්ලි කියල දුන්නත් පස්සෙ ගම්මු කියල උටත් ටිකට් එක දුන්න. යකෝ මූ මාර කොන්දෙක් වෙලානෙ කියල හිත හිත වැඩි දුරක් යන්න උනේ නෑ හේතුව අතේ මාට්ටු. ටික්කො ඉන්නව පාර අයිනෙ…. ඇල්ලුව බස් එකට අත. කොන්ද අයිය කොල කෑලි වගේකුත් අරගෙන දිව්ව ලඟට… එක ටික්කෙක් අහනව බස් එකට නැගල හැමෝම ගාව ටිකට් තියනව නේද කියල…… ඔව් දැන්නං තියෙනවා. ඔන්න ගේම. කොන්ද සුං. ඌත් එනව ටික්කෙක් ගෙන් ටිකට් එකක් අරගෙන.

හිහී ඇද්ද හූ…… කියන්ඩ චාන්ස් එකක් ආවෙ නෑ ආපු කොන්ද ඇරිය මගෙ මූණ හරහ.. ඔන්න දැනුයි සීන් එක හරියටම තේරුනේ……..

මට මේසෙට ඔලුව තියන් නිදා ගෙන… ගාලු ගමන ඉවරයි……. දැන් ඇඳට….

June 7, 2008 - Posted by tharindu | Uncategorized | | 3 Comments

3 Comments »

  1. චැහ්, මේක නියමයිනෙ :)

    Comment by මලින්ත | June 9, 2008 | Reply

  2. මරුනේ!

    Comment by kasun | June 12, 2008 | Reply

  3. නියම බ්ලොග් එකක්නේ මේක. තාම මට හිතාගන්න බැරිවුනා ඇයි මේ බ්ලොග් එක මඟහැරුනේ කියලා… නියමයි නියමයි! දිගටම ලියන්න

    Comment by සුපුන් සුදාරක | June 18, 2008 | Reply


Leave a comment