සඳගිර

A word from my heart to mother language

ඇයි මෙහෙම….

අපේ රටේ ඉතිහාසය අධිරාජ්‍ය යුගයකට දිවයනවා… රාවන යුගයක් තියෙනවා කියල අනිත් රටවල කියද්දි…. අපේ රටේ තවම ඒ යුගය පිළිබඳ යම්යම් සාධක තියෙද්දිත්……. අපේ රටේ ඉතිහාසය හොරෙක්ගෙ මිනීමරුවෙක්ගෙ ඔඩොක්කුවට දාන්ඩ හදන්නෙ ඇයි?

උඩින් යන වාහනයක් තිබ්බා… ඒකෙන් ඒ රටට ගියා… එහෙන් ආපු එකෙක් වහලෙන් වහලට පැන පැන නගරයක් ගිනිතිබ්බා කියල කියද්දිත් එහෙන්ම ඊට අවුරුදු ගානකට පස්සෙ තාක්ෂණය ගෘහනිර්මාන ශිල්පය ආව කියල කියන්ඩ හදන්නෙ ඇයි……….?

විජය ලංකාවට එද්දිත් ඇඟලුම් කර්මාන්තයේ යෙදෙමින් හිටපු රටක ඉතිහාසය විජයගෙන් පටන්ගන්ඩ හදන්නෙ ඇයි……?

වෙන රටකින් එන ඕන පාහරයෙක්ට ලංකාව තමන්ගෙ යටතට ගන්ඩ පුලුවන් උනේ කොහොමද…….?

ලංකාවෙ සිංහලයන් බිහි වුනේ විජයගෙන්නං…. භාෂාව හින්දි නොවී සිංහල වී…. රට ඉන්දියාව නොවී ශ්‍රී ලංකාව උනේ ඇයි….?

ගාලු කොටුව රැක ගන්ඩ වලිකන පුරා විද්‍යාවට බට පොතු ලෙන රැකගන්ඩ උවමනාවක් නැත්තෙ ඇයි…. ?

නොදැක්ක අතීතයක් ලියල තියන මහාවංශයෙන් ඉතිහාසය උලුප්පල පෙන්නන මහාචාර වරු මහා භාරතය ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි….?

මාර වැඩේ මට මාර ප්‍රස්න‍ තොගයක් හිතට එනවා…… ඒ ඇයි?

අහපුවට උත්තර තියෙනවනං Comment එකක් තියලයන්ඩ….

අසිපත ලියපු වටින කියන මාතෘකාවක් තියෙනවා… බලන්ඩ වටිනවා.. මෙතනින් අසිපතට – asipatha ගිහින් බලන්ඩ පුලුවන්.

සඳගිර

Nothing to do, nothing to say, nowhere to escape, Noware to hide, in this lonely world. I have no one to say my mind. but I should say…. may be some body could heard that. Some time, he may think about that……

June 10, 2008 - Posted by tharindu | diary, සිතුවිලි | | 4 Comments

4 Comments »

  1. ඉතිහාසයෙන් පිළිගන්න දේ පුරා විද්‍යාත්මකව තහවුරු කර නොගැනීම නිසයි රාවණ ඉතිහාසය තවමත් හුදෙකලා සමූහ කිහිපයක් වෙත පමණක් ‍පිළිගැ‍නීමට පත් වී තියෙන්නේ…

    මහා වංශය මට අනුව නම් දේශපාලන ව්‍යාපෘතියක්.

    ලංකාවේ සම්මත පුරා විද්‍යාව රාවණ ඉතිහාසය ප්‍රතික්ෂේප කරනවා. එයාලාට සාක්ෂි නැහැ කියලා.

    ද්‍රව්‍යමය සාක්ෂි මත පමණයි එයාලාගෙ පිළි ගැනීම් සහ පිළි ගැන්වීම් රඳන්නේ.

    නමුත් මේ සියල්ලට පිළිතුරු දෙන්න ප්‍රසිද්ධියේ මෙන්ම රහසිගතවද මේ වන විට රාවණ පරපුරේ වර්තමාන ක්‍රියාකාරිකයින් වැඩ කටයුතු කරගෙන යනවා.

    ඔවුන්ට හැකි පමණ උපකාර කරන්න නම් මේ වගේ ප්‍රශ්න මතු කර ගැනීම වැදගත්.

    මේ සටහන තව අදාළ තොරතුරුවලින් පෝෂණය කරන්න. එය අනෙක් අයටත් දැනුම සපයන්නක් වේවි.

    ජය !

    සු.

    Comment by Anonymous | June 11, 2008 | Reply

  2. මා අසා කියවා ඇති පරිදි මහා භාරතය, රාමායණය වැනි භාරතීය වීර කාව්යායන් සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ප්රකතික්ෂේප වුනේ එහි ඇති දේව වාදී (හිංදු) පසුබිම නිසාය. එසේ නොමැතිව රාවණ එයට සම්භන්ධ නිසා නොවේ. භික්ෂූන් වහන්සේ මහා භාරතය, රාමායණය වැනි දෑ සිංහල බෞද්ධ ජන සමාජයෙන් ඈත් කර තැබීමට වග බලා ගත් සේක.

    සිංහල බෞද්ධයන්ට මහාවංශය ඉතා වැදගත් වන්නේ සිංහල ජාතියේ යම් කාල පරිච්ඡේද වල ඉතිහාසය පැවති කාලයට සාපේක්ෂ්ව එහි සඳහන් හෙයින්. මහාවංශය හි අන්තර්ගතය එය ලියැවුණු කාල වකවාණුවට සාපේක්ෂබ මිසක එය සර්වෂකාලීන නොවේ. අපි එය අද ඉතිහාස පොතක් ලෙස සළකමු. මහාවංශය ලියූ කාලයේදී මහානාම හිමියන්ගේ අරමුණ වූයේ ඉතිහාසය ලිවීම නොවේ. එය ලියූවේ මහසෙන් රජුට ය. දුටුගැමුණු රජු ආදර්ශයට ගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කර නංවන්නට ය. මහා විහාරය ඇතුළු ථේරවාදය යටපත්ව මහායනික අභගිරිය හිස එසවූ අවස්ථාවකය. සිංහළ ජාතියේ මුඛ්යව අරමුණ මතක් කර දෙන්නට ය. එම නිසා මහාවංශයේ වීරයා බවට දුටුගැමුණු රජු නිතැතින්ම පත්විය. සමහර අයට මහාවංශයේ මෙම ලක්ෂයණ එහි අඩුපාඩු ලෙස පෙනෙන අතර ඔවුනට අමතක වූ කරුන නම් කෘතියක් රචනා වන්නේ එය ලියන කාල වකවානුවට සාපේක්ෂනව බවය. මේ කරුණු නිසා මහාවංශයේ රවණ පරපුර ගැන සඳහන් නොවීම යුක්කි යුක්ත ය.

    අද අපේ වගකීම යට ගිය මහ රැවුළන් ගේ තොරතුරු නැවත මතු කර ගැනීමය.
    “ජානකීහරණය” කෘතිය ගැන ඔබ අසා ඇත් ද? එය මෙහි ලියැවුණු රාම-රාවණා කථාව යි. ජානකී යනු සීතා ය. හරණය යනු පැහැරගෙන ඒම ය.

    Comment by සහන් | June 11, 2008 | Reply

  3. විස්තර කිව්ව සියලුදෙනාට බොහොම තුති. ජානකීහරණය ගැන මම දැනං හිටියෙ නෑ. මම කොහොම හරි හොයාගෙන කියවන්නං.
    සඳගිර.

    Comment by tharindu | June 12, 2008 | Reply


Leave a comment