දේශපාලනය
දේශපාලනය ගැන කියනවානං ඉස්සෙල්ලාම මතක් වෙන පුද්ගලයා හිපොක්‍රොටිස්ය. උන්දෑ කියූ එක එක විකාර නිසා පස්‍සෙන් ගිය පොත්ගුල්ලන් පමණක් නොව උන්පස්සෙන් ගිය උන්ද විකාරයන් වීය. අන්තිමේදී බැලින්නං අපිද ඒ විකාර වල කොටස් බවට පත්වී ඇත්තේය. මේක ලියන එකාට හොදටම පිස්සු කියා ඔබට හැගෙන දේ පිළිබදවද නිවැරදි තක්ෙස්රුවක් කිරීම අපහසු ඒ නිසාය. හිපොක්‍රොටිස් කිව්ව විකාරය කුමක්දැයි ඔබ ඉතාම විමසිල්ලෙන් කියවන බව මම දනිමි. ඒ මිනිසා දේශපාලන සත්වයෙකි යන කියමනයි.
මට වෙලාවකට මෙසේ සිතේ - සියලු සත්වයෝ දේශපාලන සත්වයෙකි.
තවත් වෙලාවකට මෙසේ සිතේ - සියලු සත්වයෝ ඇමරිකන් සත්වයෙකි.
මෙහි නියම එක කුමක්දැයි තෝරා ගැනීම ඔබට බාරයි. හැබැයි මට එසේ සිතෙන්නේ ඇයි යැයි පැවසීම ඔබගේ අදහස් පවසා මා නියම මඟට ඇද දැමීමට පහසුවන නිසා ඒවා කෙටියෙන් පවසමි.
සියලු සත්වයෝ දේශපාලන සත්වයෙකි.
මිනිසා පමනක් නොව සියලුම සතුන්ට මානව දේශපාලනය බලපාන බැවිනි. ඒ කෙසේද යයි කිවහොත් පැමිනෙන නායකයා හෝ පක්ෂය අනුව සත්ව ජීවිත හා ජීවන ප්‍රදේශ තීරණය වන බැවිනි. ඒ කෙසේද කියනවානං සමහර නායකයින් හා පක්ෂ තම ආධාරකරුවන් හා මුදලාලිලා අභය භූමිවල හා කැලෑවල හිමිකරැවන් යයි සිතයි. එහෙත් සමහර නායකයන් හා පක්ෂ සිතන්නේ මේවා තමන්ගේ මිනිසුන්ට හා ව්‍යාපාරවලට හිමිකරුවන් නිසා මේවා සියල්ල කපා ව්‍යාපාරික බිම් ඉදිකල යුතු බවයි. එසේම සමහර පක්ෂ හා නායකයින් සිතන්නේ මේවා කැලෑ නිසා කැලෑ නීතිය තිබිය යුතු බවයි. එමෙන්ම සමහර නායකයින් හා පක්ෂ මේවා කැලෑ නිසා, කැලෑ වල නිදහස ඇති බවත් එම නිසා සියලුම බිම් කැලෑ බිම් විය යුතු බවත් සිතයි. සමහරුන් කැලෑ බේරා ගත යුතු බව සිතද්දී සමහරුන් සිතන්නේ කැලෑ බේරා නොගත යුතු බවයි.
මේ කියන්නට යෙදුනේ එක් පැතිකඩක් පමනයි මේ වන විට ඔබට අනෙක් කරුනු කාරනාද සිහියට පැමින ඇතිබවට සැකයක් නැත. එසේ සිහියට එන්නේ නැත්තම් නිකරුනේ මෙහි කාලය මිඩංගු නොකර පොතක් පත්තරයක් බලාගැනීම වඩා යෙහෙකි. මන්ද මා මේ කියූ සියලු කාරනා ලංකාව තුල සියලු දෙයට ඔය ආකාරයටම ක්‍රියාවට නැගෙන හෙයිනි.
සියලු සත්වයෝ ඇමරිකන් සත්වයෙකි.
මෙය වඩා සත්‍ය බව මට පෞද්ගලිකව හැගෙන නිසා මෙය වඩා නිවැරදි බව මම සිතාගෙන සිටිමි. මේ මොන විකාරයක්ද යනුවෙන් ඔබ සිතුවත් අපටද එසේ සිතන්නට වී ඇති බව හෝ ළඟදීම සිතන්නට වන බව නම් දනිමි. සියලු මිනිසුන් දේශපාලන සත්වයෝ වන්නේ මන්ද…. දේශපාලනයේ සිදුවන සියලු පෙරලීම් හැල හැප්පීම් සහ වෙනස්කම් සියලුම දෙනාට කුමනාකාරයකින් හෝ සම්බන්ධවන බැවිනි. එසේනම් සියලුම සත්වයෝ ඇමරිකන් සත්වයෙක් වන්නේ කෙසේද?
- ඇමරිකාවේ 9/11 සිද්ධිය බලපෑවේ ඇමරිකාවට පමණක්ද? එසේනම් ලංකාවේ කොටස් වෙලඳපලට එම සිද්ධිය බලපෑවේද? ඒ මන්ද?
- ඇමරිකාවේ තෙල් වෙළඳපලට නිකුත්කරන බවක් මා අසානැත. එහෙත් ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ඉහල ගිය තෙල් මිල ලංකාවට බලපෑවේ ඇයි?
- ඔබ නිවසේදී වැරැද්දක් කලහොත් ගෙදර නිසි බලදරයා (මව හෝ පියා) ඔබට උපදෙස් දීම හෝ දඬුවම් දීම කරන මුත් අල්ලපු ගෙදර අය පැමින බලපෑම් නොකරයි. එසේනම් ලංකාවේ ප්‍රශ්නයට උපදෙස් දීමට වෙන රටවල් මැදිහත්වන්නේ ඇයි?
- ගවයින් මරන තැන්වල මරන ගවයා තීරනය කරන්නේ හිමිකරුය. එසේ නම් ඉරාකයේ ක්‍රිස්තියානු වැරදිකරුවන් ඉතුරුවී සියලු මුස්ලිම් වැරදිකරුවන් මැරුනේ (මැරුවේ) ඇයි?
- ඇමරිකාවෙන් තිරිඟු අපනයනය සීමා කල විට අයියෝ යයි කෑගැසෙන්නේ ඇයි?
- අපේ සමහර පාලකයින් (නායකයින්) ඇමරිකාවට ඔච්චර බය ඇයි?
- තව නං ජාති ගමකට කියන්ඩ පුලුවන් උනත් දැනට නවත්තන්නං.
ඉතින් මේ විදිහට යනකොට සියලු සත්වයෝ මන්ද ලංකාවෙ උන්නං වෙන මොකෙක් හරි සත්වයෙක් වෙයි වගේ……
සඳගිර
මාර සිද්දිය මට ලියන්ඩ පුලුවන් කියල මම දැනං හිටියෙ නෑනෙ……….
When you get angry, you lose more than your temper

![[Valid RSS]](valid-rss.png)
දේශපාලන සත්වයුන්ගේ සහජ ගතියක් වනුයේ, අනික් පැත්තේ එකාට විරුද්ද වීම නිසා, ඌ එසේ කියයි. නමුත් කියන එකා හමුවී අහනකොට, ඇත්තටම ඌත් හිතන්නේ අනිකා වගේමයි!
මනුශ්‍ය යනු මනස යොදවන්නෝ වන බැවින්, ඔවුන් සත්වයෝ ලෙස සැලකීම මැනවි.
ඔබගේ සිතුවිලි වලින් නිගමනය කල හැකි එක දෙයක් නම්, ඔබ අනිවාර්යයෙන් මනුශ්‍ය බවයි…..
පාළොස්වන දාසයවන සියවස් වල යුරෝපයේ ඇති වූ පුනරුදයත් සමග ලෝක දේශපාලන නායකත්වය පාප් වහන්සේ ගෙන් බ්රිසතාන්යත රජුටද ඉන් පසුව ඇමරිකානු ජානාධීපතිට ද මාරු විය. මින් මුල් මාරුව යුධ බලය හා ධනය නිසා සිදුවුව ද පසු මාරුව සිදු වුනේ කාරණා කිහිපයක් නිසාය.
ඉන් පළමු වැන්න බටහිර විද්යාුව ය. මෙම බටහිර විද්යාව පදනම් කරමින් දියුණු වු සාහිත්යබ ඇතුළු සියළු කළා මධ්යප අද වන විට ලෝකය වෙලා ගනිමින් සිටී. පෙරදිග අප සංස්කෘතිය විද්යායවෙන් වෙන්ව සැලකුවද බටහිර සංස්කෘතිය මූලය බටහිර විද්යායව යි. යුධ බලය, ආර්ථිකය, සාහිත්යව, ජන මාධ්ය ආදී සියළුම දැ බටහිර විද්යවව වටා ඒකරාශී වී ඒ සියල්ල එකතුවෙන් බටහිර සංස්කෘතිය සෑදී ඇත.
මෙම බටහිර සංස්කෘතිය අප මත බලෙන් පටවන්නේ මානව හිමිකම්, ආගමික නිදහස, ජන මාධ්යා නිදහස ආදී සුන්දර වචන හරහාය. අප ද සිරස කරණය වෙමින් පවතී. sms, idols ආදී දේ බලෙන් අප මත පටවමින් සිටී. ඔබ කොපමණ මහරාජාකරණය වී ඇත්ද එපමණටම ඔබ ඇමරිකන් වී ඇත. එවිට ඔබට පෙර නොවූ විරූ මානව හිමිකම්, ආගමික නිදහස, ජන මාධ්යම නිදහස, ඇඳුම් ඇඳීමේ නිදහස වැනි දෑ පෙනෙන පටන් ගනී.
ඇමරිකන් පොහොර නැතුව අපට වගා කළ නොහැක, ඇමරිකන් තෙල් නැතුව අපිට දුවන්නය නොහැක, ඇමරිකන් හැම් නැතුව අපිට කන්නට නොහැක, ඇමරිකන් TV වැඩසටහන් නැතුව අපිට අපේ වැඩසටහන් නැත. ඔබ කොපමණ ඇමරික්න් වී අත් ද?