සඳගිර

A word from my heart to mother language

අවසන් සටහන

     ඉතින් මෙතෙක් කල් මේ අඩවියට ආපු මාව දිරිමත් කරපු සියලු දෙනාට ප්‍රථමයෙන්ම බොහෝම ස්තුතියි. ඒ මේ පියවර ගන්ඩ මාව දිරිමත් කලේ ඔබ නිසයි. මේ මම මේ අඩවියේ තබන අවසන් සටහනයි. මින්පසු මම අලුත් තැනක සිටයි ඔබ වෙතට එන්නේ… ඒ මගේම තැනක සිටයි. මගේ නව වෙබ් අඩවිය

http://www.sandagira.com වන අතර මගේ බ්ලොග් අඩවිය

http://blog.sandagira.com ලෙස වෙනස් වේ.

ස්තුතියි.

සඳගිර

tharindu

June 23, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment

දේශපාලනය

දේශපාලනය ගැන කියනවානං ඉස්සෙල්ලාම මතක් වෙන පුද්ගලයා හිපොක්‍රොටිස්ය. උන්දෑ කියූ එක එක විකාර නිසා පස්‍සෙන් ගිය පොත්ගුල්ලන් පමණක් නොව උන්පස්සෙන් ගිය උන්ද විකාරයන් වීය. අන්තිමේදී බැලින්නං අපිද ඒ විකාර වල කොටස් බවට පත්වී ඇත්තේය. මේක ලියන එකාට හොදටම පිස්සු කියා ඔබට හැ‍‍‍ගෙන ‍දේ පිළිබදවද නිවැරදි තක්ෙස්රුවක් කිරීම අපහසු ඒ නිසාය. හිපොක්‍රොටිස් කිව්ව විකාරය කුමක්දැයි ඔබ ඉතාම විමසිල්ලෙන් කියවන බව මම දනිමි. ඒ මිනිසා දේශපාලන සත්වයෙකි යන කියමනයි.

මට‍ වෙලාවකට මෙසේ සිතේ - සියලු සත්වයෝ දේශපාලන සත්වයෙකි.

තවත් වෙලාවකට මෙසේ සිතේ - සියලු සත්වයෝ ඇමරිකන් සත්වයෙකි.

මෙහි නියම එක කුමක්දැයි තෝරා ගැනීම ඔබට බාරයි. හැබැයි මට එසේ සිතෙන්නේ ඇයි යැයි පැවසීම ඔබගේ අදහස් පවසා මා නියම මඟට ඇද දැමීමට පහසුවන නිසා ඒවා කෙටියෙන් පවසමි.

සියලු සත්වයෝ දේශපාලන සත්වයෙකි.

මිනිසා පමනක් නොව සියලුම සතුන්ට මානව දේශපාලනය බලපාන බැවිනි. ඒ කෙසේද යයි කිවහොත් පැමිනෙන නායකයා හෝ පක්ෂය අනුව සත්ව ජීවිත හා ජීවන ප්‍රදේශ තීරණය වන බැවිනි. ඒ කෙසේද කියනවානං සමහර නායකයින් හා පක්ෂ තම ආධාරකරුවන් හා මුදලාලිලා අභය භූමිවල හා කැලෑවල හිමිකරැවන් යයි සිතයි. එහෙත් සමහර නායකයන් හා පක්ෂ සිතන්නේ මේවා තමන්ගේ මිනිසුන්ට හා ව්‍යාපාරවලට හිමිකරුවන් නිසා මේවා සියල්ල කපා ව්‍යාපාරික බිම් ඉදිකල යුතු බවයි. එසේම සමහර පක්ෂ හා නායකයින් සිතන්නේ මේවා කැලෑ නිසා කැලෑ නීතිය තිබිය යුතු බවයි. එමෙන්ම සමහර නායකයින් හා පක්ෂ මේවා කැලෑ නිසා, කැලෑ වල නිදහස ඇති බවත් එම නිසා සියලුම බිම් කැලෑ බිම් විය යුතු බවත් සිතයි. සමහරුන් කැලෑ බේරා ගත යුතු බව සිතද්දී සමහරුන් සිතන්නේ කැලෑ බේරා නොගත යුතු බවයි.

මේ කියන්න‍ට යෙදුනේ එක් පැතිකඩක් පමනයි මේ වන විට ඔබට අනෙක් කරුනු කාරනාද සිහියට පැමින ඇතිබවට සැකයක් නැත. එසේ සිහියට එන්නේ නැත්තම් නිකරුනේ මෙහි කාලය මිඩංගු නොකර පොතක් පත්තරයක් බලාගැනීම වඩා යෙහෙකි. මන්ද මා මේ කියූ සියලු කාරනා ලංකාව තුල සියලු දෙයට ඔය ආකාරයටම ක්‍රියාවට නැගෙන හෙයිනි.

සියලු සත්වයෝ ඇමරිකන් සත්වයෙකි.

මෙය වඩා සත්‍ය බව මට ‍පෞද්ගලිකව හැ‍ගෙන නිසා මෙය වඩා නිවැරදි බව මම සිතාගෙන සිටිමි. මේ මොන විකාරයක්ද යනුවෙන් ඔබ සිතුවත් අපටද එසේ සිතන්නට වී ඇති බව හෝ ළඟදීම සිතන්නට වන බව නම් දනිමි. සියලු මිනිසුන් දේශපාලන සත්වයෝ වන්නේ මන්ද…. දේශපාලනයේ සිදුවන සියලු පෙරලීම් හැල හැප්පීම් සහ වෙනස්කම් සියලුම දෙනාට කුමනාකාරයකින් හෝ සම්බන්ධවන බැවිනි. එසේනම් සියලුම සත්වයෝ ඇමරිකන් සත්වයෙක් වන්නේ කෙසේද?

  • ඇමරිකාවේ 9/11 සිද්ධිය බලපෑවේ ඇමරිකාවට පමණක්ද? එසේනම් ලංකාවේ කොටස් වෙලඳපලට එම සිද්ධිය බලපෑවේද? ඒ මන්ද?
  • ඇමරිකාවේ තෙල් වෙළඳපලට නිකුත්කරන බවක් මා අසානැත. එහෙත් ඇමරිකාවේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ඉහල ගිය තෙල් මිල ලංකාවට බලපෑවේ ඇයි?
  • ඔබ නිවසේදී වැරැද්දක් කලහොත් ගෙදර නිසි බලදරයා (මව හෝ පියා) ඔබට උපදෙස් දීම හෝ දඬුවම් දීම කරන මුත් අල්ලපු ගෙදර අය පැමින බලපෑම් නොකරයි. එසේනම් ලංකාවේ ප්‍රශ්නයට උපදෙස් දීමට වෙන රටවල් මැදිහත්වන්නේ ඇයි?
  • ගවයින් මරන තැන්වල මරන ගවයා තීරනය කරන්නේ හිමිකරුය. එසේ නම් ඉරාකයේ ක්‍රිස්තියානු වැරදිකරුවන් ඉතුරුවී සියලු මුස්ලිම් වැරදිකරුවන් මැරුනේ (මැරුවේ) ඇයි?
  • ඇමරිකාවෙන් තිරිඟු අපනයනය සීමා කල විට අයියෝ යයි කෑගැසෙන්නේ ඇයි?
  • අපේ සමහර පාලකයින් (නායකයින්) ඇමරිකාවට ඔච්චර බය ඇයි?
  • තව නං ජාති ගමකට කියන්ඩ පුලුවන් උනත් දැනට නවත්තන්නං.

ඉතින් මේ විදිහට යනකොට සියලු සත්වයෝ මන්ද ලංකාවෙ උන්නං වෙන මොකෙක් හරි සත්වයෙක් වෙයි වගේ……

සඳගිර

මාර සිද්දිය මට ලියන්ඩ පුලුවන් කියල මම දැනං හිටියෙ නෑනෙ……….

When you get angry, you lose more than your temper

June 19, 2008 Posted by tharindu | diary, සිතුවිලි | | 2 Comments

සිංහල ගිනි නරියාගේ සහයට

ඔන්න මෙච්චර කාලයක් සුද්දගෙ භාශාවෙන් අන්තර්ජාලයේ සැරිසරපු අපි……

දැන් අපේම භාශාවෙන් කරලියට…………….

එන්න ඔබත් අප හා එක්වන්න………….

June 19, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

මල් සුගන්දේ…..

ඉතිපිසෝ භගවා අරහං
සම්මා සම්බුද්ධෝ….///

මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළන් රැලි පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධු වන්දනා

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි

රත්නමාලී සෑ රදුන්ගෙන් දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් කුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි

මල් සුගන්දේ ……

රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විරුවන් කියන්නේ මේ පොලොන්නරු දේශයයි

දාගැබයි මහ මේඝයයි නිල් වන් ගුවන් ගැබ යාවුනේ
ගල් කුලින් සිත්තම් වුනා දෝ මෙත් සිහිල් කරුණා ගුණේ

මල් සුගන්දේ ……

මහා රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කලේ
ඒ උතුම් දහමින් සමාජේමත් මහා විස්කම් කලේ

ධීර වීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
දෙව් මහා දෙවිඳුන් රකීවී මේ අපේ බුදු සාසනේ///

මල් සුගන්දේ …… බාගත කරගැනීමට

June 18, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

පෙම් හසුන – Love letter

Computer එකක් වාගෙ සුන්දර
Network එකක් වාගෙ සංකීරන
Virus එකක් වාගෙ භයානක
mp3 එකක් වාගෙ මිහිරි
jpg එකක් වාගෙ ලස්සන
Trojan hours එකක් වැනි 
මගේම සුන්දර මිහිරාවිය

ඔෙබ් සිත ෙත්රුම් ගැනීමට
මෙගේ Processing power ඒක මදිය
ඔබ කියන ෙද්වල් මතක තබාගැනීමට
මෙගේ Hard disk ඉඩ මදිය
ඔෙබ් වදන් Rock දාපු
Head phone දෙකක් වෙගේය ඒහෙත්
මා ප්‍රිය මිහිරාවිය
මෙගේ සිත Computerයට මෙන්ම
ඔබටද බැදී පවතී 

මට ඔබව අලුත් Game ඒකකට සම කල හැකිය
මන්ද……… ඒවාට දැනට
කොච්චර profomance තිබ්බත්
තව Requirments ටිකක් මදිය
ඔබටද ඒසේමය.
මොන දේ කොච්චර තිබ්බත්
තව ටිකක් මදිය.

Computරේ අත අරින්නට බැරි වූ මට
ඔබව අත හරින්නද හිත නොදේ
ඉතින් මා හිත දිනූ ප්‍රියාවිය….
අදට මෙතකින් shut down වෙන්නං
නැවත ඔබ මා මන කළඹවන කං

සඳගිර

When you get angry, you lost more than your temper

June 16, 2008 Posted by tharindu | Uncategorized | | 3 Comments

ජීවිත……

“අන්තිම ගෙඩිදෙක… අන්තිම ගෙඩි දෙක… මහත්තය කකා යන්ඩ ඇපල් ගෙඩියක් දෙන්ඩද? අලුත් ඇපල් මහත්තය. මෙච්චරයි තියෙන්නෙ. මහත්තය මේක ගත්තොත් මට ඊලඟ බස් එකේ ගෙදර ගියෑකි.” පොඩි එකෙක් තොරතෝංචියක් නැතුව කියවන සද්දෙට ඔලුව උස්සල බැලුවහම අව්රැදු දොලහක පහලවක විතර කැහැටු පුංචි එකෙක් ප්ලාස්ටික් බාල්දියකුත් තියාගෙන හොඳට ඇඳගත්ත මහත්තයෙක් ගාවට වෙලා ඇපල්ගෙඩි දෙකකුත් දික්කරගෙන කියවනවා. මහත්තයා එයාට නෙමේ වගේ අහක බලාගෙන ඉන්නවා. පව් පුංච් එකා. උදේ ඉඳලම ඇවිදල ඇවිදල හෙම්බත් වෙලා. ටිකක් වෙලා මහත්තය ගාවට වෙලා ඉඳල ගන්නෙ නෑ කියල තේරුනාම මූන පුලුටු කරගෙන පස්සට එනවා දැක්කම මට දුක හිතුන වෙන්ඩ ඕනෙ මම ඒ ඇපල් ගෙඩි දෙක ගත්තා. පොඩ්ඩගෙ මූනෙ හිනා කටයි. ස්තුතියි. කියල සල්ලි ටිකත් උන්ඩිකරගෙන බස් එකෙන් බැහැල කඩේකට ගොඩ වෙනව බලාගෙන. ඒ අතරෙ බස්එක ඇද්ද.

ඊට පස්සෙ දවසක දවල්ට කන්ඩ කඩේකට ගොඩවෙලා කන්ඩ ලෑස්ති වෙද්දි ඔන්න අර පොඩිඑකත් කඩේට ආව. ඇවිත් කැරකි කැරකි ඉඳල ඉඩ නැති හිනදම මම තනියම හිටපු මේසෙන් ඇවිත් මූන දිහා බලල අහිංසක විදිහට හිනා වෙලා, මම මෙතන ඉඳගත්තට කමක් නෑ නේද ඇහුවා.

මක්වෙනවද? ඉඳගන්ඩ. ඔයා නේද බස්එකේ ඇපල් විකුනන්නේ? “ඔව් මහත්තයා.” ඉස්කෝලෙ යනවද? “නෑ.” අම්ම තාත්ත මොකද කරන්නේ? “ඒ දෙන්නම නෑ. සුනාමි ආපු වෙලාවෙ ඒකට අහුවුනා.” වෙන කව්ද පව්ලෙ ඉන්නේ? “නංගියි මල්ලියි.” ඒ දෙන්න කෝ? ”ගෙදර. උන් දෙන්නට කන්ඩ හොයන්නේ මම. ඇවිද්ද පය දහස්වටී කියල උදේ ඉඳල ඇවිදිනවා කීයක් හරි හොයාගෙන ගෙදර යන්ඩ.”

——

බස් නැවතුමේ බෝම්බයක් පුපුරල බන්… කොන්දොස්තරයි තව එක මනුස්සයෙකුයි මැරිල. බස් වල වෙලඳාම් කරපු පොඩි එකෙකුත් අහු වෙලාලු. කකුල් දෙකම නෑලු. සමහර විට මැරෙයිද දන්නෙත් නෑ. කියල කියාගෙන කසුන් ගෙට ආව විතරයි. Breaking News. බෝම්බයක් පුපුරා ලමයෙකු ඇතුලු තිදෙනෙක් මරැට.

ජීවිත රැක්ක ජීවිතේ ඉවරයි……… ඉතුරු ජීවිත?

සඳගිර

Freedom starts in mind, not by cutting ropes

June 11, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment

ඇයි මෙහෙම….

අපේ රටේ ඉතිහාසය අධිරාජ්‍ය යුගයකට දිවයනවා… රාවන යුගයක් තියෙනවා කියල අනිත් රටවල කියද්දි…. අපේ රටේ තවම ඒ යුගය පිළිබඳ යම්යම් සාධක තියෙද්දිත්……. අපේ රටේ ඉතිහාසය හොරෙක්ගෙ මිනීමරුවෙක්ගෙ ඔඩොක්කුවට දාන්ඩ හදන්නෙ ඇයි?

උඩින් යන වාහනයක් තිබ්බා… ඒකෙන් ඒ රටට ගියා… එහෙන් ආපු එකෙක් වහලෙන් වහලට පැන පැන නගරයක් ගිනිතිබ්බා කියල කියද්දිත් එහෙන්ම ඊට අවුරුදු ගානකට පස්සෙ තාක්ෂණය ගෘහනිර්මාන ශිල්පය ආව කියල කියන්ඩ හදන්නෙ ඇයි……….?

විජය ලංකාවට එද්දිත් ඇඟලුම් කර්මාන්තයේ යෙදෙමින් හිටපු රටක ඉතිහාසය විජයගෙන් පටන්ගන්ඩ හදන්නෙ ඇයි……?

වෙන රටකින් එන ඕන පාහරයෙක්ට ලංකාව තමන්ගෙ යටතට ගන්ඩ පුලුවන් උනේ කොහොමද…….?

ලංකාවෙ සිංහලයන් බිහි වුනේ විජයගෙන්නං…. භාෂාව හින්දි නොවී සිංහල වී…. රට ඉන්දියාව නොවී ශ්‍රී ලංකාව උනේ ඇයි….?

ගාලු කොටුව රැක ගන්ඩ වලිකන පුරා විද්‍යාවට බට පොතු ලෙන රැකගන්ඩ උවමනාවක් නැත්තෙ ඇයි…. ?

නොදැක්ක අතීතයක් ලියල තියන මහාවංශයෙන් ඉතිහාසය උලුප්පල පෙන්නන මහාචාර වරු මහා භාරතය ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි….?

මාර වැඩේ මට මාර ප්‍රස්න‍ තොගයක් හිතට එනවා…… ඒ ඇයි?

අහපුවට උත්තර තියෙනවනං Comment එකක් තියලයන්ඩ….

අසිපත ලියපු වටින කියන මාතෘකාවක් තියෙනවා… බලන්ඩ වටිනවා.. මෙතනින් අසිපතට – asipatha ගිහින් බලන්ඩ පුලුවන්.

සඳගිර

Nothing to do, nothing to say, nowhere to escape, Noware to hide, in this lonely world. I have no one to say my mind. but I should say…. may be some body could heard that. Some time, he may think about that……

June 10, 2008 Posted by tharindu | diary, සිතුවිලි | | 4 Comments

ඉදිරිය

අද නං ලියන්ඩ කියල දෙයක් විශේෂයෙන් කියල මතකෙටඑන්නෙත් නෑ එහෙමයි කියල නොලිය ඉන්ඩත් මොකක්ද වගේ. හිතේ තියනවා ධම්මපදය පිටුවක් විදිහට ඇතුල් කරන්ඩයි තව පොඩි වැඩ වගේකුයි. බලමු වෙලාව තියෙන විදිහකට…..

සිටියත් ලොවක රුදුරු
නැත නැත්තේ සොඳුරු
ඇත ලොවක් නුදුරු
සොයමු එය මිතුරු

ඇත අමතකව ම‍වගෙ පෙම
ඇත අමතකව මිතුරු දම
ඇත අමතකව මිනිස්කම
යන සැටිද අඳුරට රටම

ගස කොල නසා මිහිකතද හඬවා
වන සත නසා පරිසරය හඬවා
මනු සත නසා සැම සිතම හඬවා
යටවූ සැටිද රුපියලට මිනිසා

සඳගිර

June 8, 2008 Posted by tharindu | diary, කවි | | No Comments Yet

ගාලු ගමන

ඔන්න ඉක්කයි මායි ගාලුයන්ඩ එලියට බැස්සා………. ගෙදරින් එලියට බහිද්දිම අම්ම කෑගහනවා. “පරිස්සමින් ගිහින් එන්ඩ. ඔය බස්වල එහෙම යද්දි ටිකක් ඇස් ඇරගෙන යන්ඩ. කොහෙ බෝම්බ තියෙනවද දන්නේ නෑ.”  අම්ම කියන කතාවෙ තියෙන්නෙ ලොකු සමාජීය කතාවක්. දැන් මිනිස්සු එලියට බහින්නෙ මරනය එක අතක අරගෙන ජීවන යුද්දය අනේ අතේ තියාගෙන. හරි හරි බකපන්ඩිතයා නොවී ගමන යමං කියන්ඩ කලින් ඔන්න ගමන පටන්ගත්තා.

පාර ගැන කියනවනං මම ඉන්නෙ අරුම පුදුම පාරක. එක කෙලවරක් ජවිපෙ. අනෙත් කෙලවර එජාපෙ මැද එජනිස. හැබැයි එකක්වත් එකකට එකක් සමානවත් සම්බන්ධවත් නෑ. අතරමග බොරලුපාර. ‍ජාහෙඋ ජානිපෙ මුකො ආදී එකී මෙකී නොකී එක එක ජැක් පක්ෂ වලට චාන්ස් එක දීල තියෙන්නෙ ටික ටික අමුනන්ඩ…… ඔය පාර වැටෙන්නෙ නුවර පාරට.

ඔන්න දැන් පාරෙ ඉඳල බැලුවම ලංකාවෙ නා නා විද  ප්‍රදේශ වලට යන බස් පේනවා. ඔක්කොම යන්නෙ කොළඹට හරි කොළඹ ඉඳල හරි. ගම්පහ සහ නිට්ටඹුව බස්වලට අත අල්ලන්ඩ ඕනෙත් නෑ කඩයක් අයිනෙ මිනිහෙක් හිටියත් අය්යා යනවද කියල අහල දාගෙනම යන්ඩ තමා කල්පනාව. ඉතින් ඔය හිමින්සීරුවෙ හදිස්සියක් නැතුව කීයට ගියත් කමක් නෑ කියල යනවනං ඒව හොඳයි. වැඩේ තියෙන්නෙ සීමිත නැවතුමක් නෙමේ හින්ද දුර බස් නවත්තන්නෙ හොරෙන්. හැබැයි මම හුඟක් වෙලාවට යන්නෙම දුර බස්වල.

ඉක්කත් එක්ක යන හින්ද හොරවැඩ කරන්ඩ හොඳනෑනෙ. නැග්ග ගම්පහ කොළඹ බස් එකකට. ඉස්සරහින් ගිහින් ඉඳගන්ඩ. යන්ඩ කිව්වට බයේ බෑ. රාක්ක දිහා හොඳට බලල ඉක්කයි මායි ඉඳගත්ත. ඔය ඉස්සරහට ආපුදෙන්න ටිකට් ගන්ඩ….. කොළඹ දෙකක්. හැටයි… අනේ මන්ද ජාතික සංවර්ධන වේගය. මම 5වසරෙදි ගම්පහ ඉඳල ගෙවල් ගාවට රු2.00 යි අපි ගන්නෙ බාගෙ හින්ද රු1.00යි සමහරදාට ඒකත් හොරෙන්. අද ගම්පහට රු17.00යි. හි හි අධි වේගී සංවර්ධනය.

මල්ලි ටිකට් එක.
මල්ලි ටිකට්…. යකෝ මුගෙ කංවල දෝශයක් වත්ද?
මල්ලි මගෙ ටිකට් එක.
ටිකට් නෑහැ….
ඒක මාර කතාවක්නෙ මම සල්ලි දුන්නනෙ….
ටිකට් පොත ඉවරයි.
එහෙනං අර ගහල තියෙන්නෙ ඔබ දුන් මුදලට සරිලන ප්‍රවේශපත්‍රයක් ලබාගන්න. වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට දඩය රු100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයකි කියල.
ආ ඕක මම නෙමේ ගැහුවෙ.
ආ මල්ලි නෙමේද? එහෙනං අව්ලක් නෑ

මමත් සද්ද වහල යන්ඩ ගත්ත. කුඩේකින්වත් දමල ඇරියොත් එහෙම……

ඔන්න ඔහොම යද්දි කිරිබත්ගොඩ හරියට යද්දි නෑ කිව්ව ටිකට් බෙදාගෙන බෙදාගෙන යනවා. එකෙක් මෙන්න සල්ලි කියල දුන්නත් පස්සෙ ගම්මු කියල උටත් ටිකට් එක දුන්න. යකෝ මූ මාර කොන්දෙක් වෙලානෙ කියල හිත හිත වැඩි දුරක් යන්න උනේ නෑ හේතුව අතේ මාට්ටු. ටික්කො ඉන්නව පාර අයිනෙ…. ඇල්ලුව බස් එකට අත. කොන්ද අයිය කොල කෑලි වගේකුත් අරගෙන දිව්ව ලඟට… එක ටික්කෙක් අහනව බස් එකට නැගල හැමෝම ගාව ටිකට් තියනව නේද කියල…… ඔව් දැන්නං තියෙනවා. ඔන්න ගේම. කොන්ද සුං. ඌත් එනව ටික්කෙක් ගෙන් ටිකට් එකක් අරගෙන.

හිහී ඇද්ද හූ…… කියන්ඩ චාන්ස් එකක් ආවෙ නෑ ආපු කොන්ද ඇරිය මගෙ මූණ හරහ.. ඔන්න දැනුයි සීන් එක හරියටම තේරුනේ……..

මට මේසෙට ඔලුව තියන් නිදා ගෙන… ගාලු ගමන ඉවරයි……. දැන් ඇඳට….

June 7, 2008 Posted by tharindu | Uncategorized | | 3 Comments

උතුරු මැදට සහ නැගෙනහිරට – අවසාන කොටස

31 ඉරිදා පව 1.00

ඉතින් ගමන පටන් ගත්ත කිව්වට යන්ඩ තැන් මිසක් යන විදිහ එකෙක්වත් දන්නෙනෑ.. ඉතින් රවුම කැරකිලා ආපහු නාවික කඳවුර ළඟටම ආව. එතන Duty හිටිය ආමි එකේ අයියල දෙන්නෙක්. ඒදෙන්නත් එක්ක කතා කරල උණුවතුර ලිං බලන්ඩ යන විදිහ ඇහුවා. ඒ අහල යන්ඩ හදද්දි අපේ මෙත්තට රනිල්ගෙ පාරුව (කින්නියා පාලම්පාරුවට දැන් එහෙ මිනිස්සු කියන්නෙ එහෙමයි.) බලන්ඩ යන්ඩ හෙන උවමනාව විතරක් නෙමේ. උනුවතුර ලිං තියෙන්නෙත් එහෙ කියල හෙන වලියක්. ආපහු ගිහින් ඇහුවහම ඒ අයියල කිව්ව කින්නියා බලන්ඩ දෙයක් නෑ ඕනෙනං පාලම් පාරුවෙ ගිහින් ආපහු ආවහැකි. උනුවතුර ලිං තියෙන්නේ කින්නියා නෙමේ කන්නියා වල කියල. කින්නියා උනුවතුර ලිං නොව කන්නියා උනුවතුර ලිං. ඉතින් ඊට පස්සෙ ආපහු ඒ අයියලට යන්නං කියල ගමන පටන්ගත්තා. සුපුරුදු පරිදි පොලිසිය දකින දකින තැන අපිව පරීක්ෂා කර කර ලිය ලිය යැව්වා.

ඉතින් ඔන්න ඔහොම අපි කන්නියා කිට්ටුවටම ආව. එතන තියන හමුදා check point එක තමා අපි ලියපු එකම හමුදා check point එක. එතන මරු වැඩක් වෙම්න් තිබුනා. වැලි ට්‍රැක්ටරයක් උඩ ඉඳගෙන මිනිහෙක් එහා කෙලවරේ ඉඳල මෙහා කෙලවරට ඒකෙ පටවලා තියෙන වැලි ගොඩ හාරනවා. එතන ඉඳන් හමුදා නිලදාරියෙක් එහෙට මෙහෙට ඒක හාරනවා. ට්‍රැක්ටරේ ගාව කොන්ක්‍රීට් ගල්ගොඩකුත් බාල……… සිද්දිය මේකයි.

මිනිහ කරන්නෙ හොර වැඩක්. වැලි අදින්ඩ තහනංනෙ මිනිහ වැලි ලෝඩ් එක ගහල ඒක උඩින් කොන්ක්‍රීට් ගල් ගොඩකුත් ගහගෙන උඩසාක්කුවෙ සිගරට් පැකට් එකකුත් දාගෙන ‍කොන්ක්‍රීට් ගල් ගෙනියනව වගේ වැලි අදිනවා. පොලිසියෙන් බැලුවොත් සිගරට් එකක් දීල ෂේප් එකක් දාගෙන යනවා. ඉතින් පොලිසියෙ 1000ක් හිටියත් මොකටද කියල හිතෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ හමුදාවට ඕව අල්ලන්ඩ බැහැ. ඒක කරන්ඩ පුලුවන් පොලිසියට විතරයි. බැලුවහම සුපුරුදු විදිහට යන්ඩ හදල. ඒකට රැග් එකක් තමා හමුදාවෙන් දීල තියෙන්නෙ………

හරි හරි ආපහු ගමනට….. ඊට පස්සෙ ‍ඔන්න අපි කන්නියා උනුවතුර ලිං ගාවට ආව. මම දෙදහස් දෙකේ අවුරැද්දෙ කොටි යටතෙ තිබ්බ කන්නියා වලට එද්දි වාහනේට වෙනම ලිං බලන්ඩ වෙනම සල්ලිත් ගෙවල උන්ගෙ යටතෙ බල්ලෙක් වගේ උන් කියන විදිහට ගිහින් ඔන්න ලිං මෙන්න ලිං කිව්ව.. වතුරත් නැති ලිං බලල ආපහු ආව… ‍එතකොට උන් ඒකෙ උන් හදාගත්ත ඉතිහාසෙකුත් ගහල තිබ්බා.

හැබැයි මේ පාර ගියේ කොටි නැති කන්නියාවකට….. හැමෝගෙම මූනු වල හිනාව. ඒකට දෙමල හිනාව සිංහල හිනාව මුස්ලිම් හිනාව කියල බේදයක් තිබ්බෙ නෑ….. ආරක්ෂාවට ඉන්නෙ හමුදාවෙ අයියල. වාහනේ නවත්තන්ඩ ලිං බලන්ඩ කාගෙවත් අවසරවත් කාටවත් සල්ලි දෙන්ඩවත් ඕනෙ නෑ… රනිල්ගෙ සාමෙයි දැන් තියන සාමෙයි වෙනස ඒකයි. ඊට පස්සෙ අපි ලිංවල රස්නෙ බැලුවා. මටනං ඔක්කොම දැනුනෙ එක රස්නෙට. හැබැයි සමහරුන්ට වෙනස්ලු…… ඇත්තමයි මම කාවවත් ඒ ලිඳකට උස්සල දැම්මෙම නෑ. තිළිණයව විතරමයි…. smile_teethsmile_teethsmile_teethsmile_teeth ඊට පස්සෙ ඉතින් එතනිනුත් ආව……. කාටවත් කියන්ඩ එපා ඔයාට විතරමයි මේක කිව්වෙ හරිද?

ඉතින් ආපහු අනුරාධපුර පාරට දාල ඔන්න නිලාවැලි වෙරලට ආවා. වෙරලෙන් බාගයක් විතර දැන් “Nilwali beach hotel” එකෙන් අල්ලගෙන. ඔහෙට යන්ඩ එපා ‍ඔ‍ය හරිය ගැඹුරුයි කියල කියන්ඩ මුරකරුවෙක්ව දාල ඉන්නවා. හැබැයි හෝටලය ඇතුලෙන් ගියොත් ඒ ප්‍රශ්න නෑ… වෙරලම හොඳයි…….

31 ඉරිදා පව 5.00

නාල නාල හිටගන්ඩ බැරි තරමට මහන්සි වෙලා කට්ටියම ගොඩට ඇවිත් ආපහු එන්ඩ ගමන පටන්ගත්තා. ත්‍රිකුණාමලෙන් පිටවෙන්ඩ කලින් තියෙන මුරපලේ හිටපු පොලිස් මහත්තුරු වාහනේ නවත්තල ඔකකොමල බහින්ඩ කියල පරීක්ෂා කරන්ඩ පටන්ඩත්ත. හරි මේ බීඩින් එක ගලවන්ඩ. අරක ගලවන්ඩ. මේක ගලවන්ඩ. දැන් ගිය වාහනේ රියදුරු මහත්තයත් ඉන්නවා හොල්මන් වෙලා. ඇයි යකෝ මොන පරිප්පුවක්ද මේ. මේක වාහනේ මස් කරන්ඩයි ට්‍රයි එක. කරන ගමන් මේ රාලහාමි කියනවා….. මෙහෙම කරන්නෙ ආපහු Trinco නොඑන්ඩලු. බලන්න අපේ සමහරක් පොලිස් මහත්තුරු කොච්චර බුද්ධිමත්ද කියල….. සතුටේ බෑ පොලිසිය ගැන.

ඉතින් අපිත් ඉවරවෙලා අම්මට පින් දිදී ආව…..

එනගමන් මින්නේරිය දේවාලෙට යන්ඩ කියල ආව‍ට ඒකට යන පාර වහල හින්ද කෙලින්ම මෙත්තලෑ ගෙදරට ආව.

ගෙදර ඇවිත් නෑවද කෑවද මතකත් නෑ නිදාගත්ත….

01 සඳුදා පෙව 6.30

දවල් උදුලට සම්මුඛ පරීක්ෂණයක් තියෙනව කිව්ව හින්ද උදේ 7.30ට තිබ්බ බස් එකේ නිවෙස් බලා පිටත්වුනා.

ඔන්න ඔහොමයි අපේ ගමන අවසන් උනේ………. දැන් ඉතින් අලුත් මාතෘකාවක් හොයන්ඩ එපෑ හෙට ලියන්ඩ…… ගිහින් එන්නං……

June 6, 2008 Posted by tharindu | diary, චාරිකා | | No Comments Yet