සඳගිර

A word from my heart to mother language

අවසන් සටහන

     ඉතින් මෙතෙක් කල් මේ අඩවියට ආපු මාව දිරිමත් කරපු සියලු දෙනාට ප්‍රථමයෙන්ම බොහෝම ස්තුතියි. ඒ මේ පියවර ගන්ඩ මාව දිරිමත් කලේ ඔබ නිසයි. මේ මම මේ අඩවියේ තබන අවසන් සටහනයි. මින්පසු මම අලුත් තැනක සිටයි ඔබ වෙතට එන්නේ… ඒ මගේම තැනක සිටයි. මගේ නව වෙබ් අඩවිය

http://www.sandagira.com වන අතර මගේ බ්ලොග් අඩවිය

http://blog.sandagira.com ලෙස වෙනස් වේ.

ස්තුතියි.

සඳගිර

tharindu

June 23, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment

සිංහල ගිනි නරියාගේ සහයට

ඔන්න මෙච්චර කාලයක් සුද්දගෙ භාශාවෙන් අන්තර්ජාලයේ සැරිසරපු අපි……

දැන් අපේම භාශාවෙන් කරලියට…………….

එන්න ඔබත් අප හා එක්වන්න………….

June 19, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

මල් සුගන්දේ…..

ඉතිපිසෝ භගවා අරහං
සම්මා සම්බුද්ධෝ….///

මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළන් රැලි පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධු වන්දනා

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි

රත්නමාලී සෑ රදුන්ගෙන් දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් කුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි

මල් සුගන්දේ ……

රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විරුවන් කියන්නේ මේ පොලොන්නරු දේශයයි

දාගැබයි මහ මේඝයයි නිල් වන් ගුවන් ගැබ යාවුනේ
ගල් කුලින් සිත්තම් වුනා දෝ මෙත් සිහිල් කරුණා ගුණේ

මල් සුගන්දේ ……

මහා රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කලේ
ඒ උතුම් දහමින් සමාජේමත් මහා විස්කම් කලේ

ධීර වීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
දෙව් මහා දෙවිඳුන් රකීවී මේ අපේ බුදු සාසනේ///

මල් සුගන්දේ …… බාගත කරගැනීමට

June 18, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

පෙම් හසුන – Love letter

Computer එකක් වාගෙ සුන්දර
Network එකක් වාගෙ සංකීරන
Virus එකක් වාගෙ භයානක
mp3 එකක් වාගෙ මිහිරි
jpg එකක් වාගෙ ලස්සන
Trojan hours එකක් වැනි 
මගේම සුන්දර මිහිරාවිය

ඔෙබ් සිත ෙත්රුම් ගැනීමට
මෙගේ Processing power ඒක මදිය
ඔබ කියන ෙද්වල් මතක තබාගැනීමට
මෙගේ Hard disk ඉඩ මදිය
ඔෙබ් වදන් Rock දාපු
Head phone දෙකක් වෙගේය ඒහෙත්
මා ප්‍රිය මිහිරාවිය
මෙගේ සිත Computerයට මෙන්ම
ඔබටද බැදී පවතී 

මට ඔබව අලුත් Game ඒකකට සම කල හැකිය
මන්ද……… ඒවාට දැනට
කොච්චර profomance තිබ්බත්
තව Requirments ටිකක් මදිය
ඔබටද ඒසේමය.
මොන දේ කොච්චර තිබ්බත්
තව ටිකක් මදිය.

Computරේ අත අරින්නට බැරි වූ මට
ඔබව අත හරින්නද හිත නොදේ
ඉතින් මා හිත දිනූ ප්‍රියාවිය….
අදට මෙතකින් shut down වෙන්නං
නැවත ඔබ මා මන කළඹවන කං

සඳගිර

When you get angry, you lost more than your temper

June 16, 2008 Posted by tharindu | Uncategorized | | 3 Comments

ජීවිත……

“අන්තිම ගෙඩිදෙක… අන්තිම ගෙඩි දෙක… මහත්තය කකා යන්ඩ ඇපල් ගෙඩියක් දෙන්ඩද? අලුත් ඇපල් මහත්තය. මෙච්චරයි තියෙන්නෙ. මහත්තය මේක ගත්තොත් මට ඊලඟ බස් එකේ ගෙදර ගියෑකි.” පොඩි එකෙක් තොරතෝංචියක් නැතුව කියවන සද්දෙට ඔලුව උස්සල බැලුවහම අව්රැදු දොලහක පහලවක විතර කැහැටු පුංචි එකෙක් ප්ලාස්ටික් බාල්දියකුත් තියාගෙන හොඳට ඇඳගත්ත මහත්තයෙක් ගාවට වෙලා ඇපල්ගෙඩි දෙකකුත් දික්කරගෙන කියවනවා. මහත්තයා එයාට නෙමේ වගේ අහක බලාගෙන ඉන්නවා. පව් පුංච් එකා. උදේ ඉඳලම ඇවිදල ඇවිදල හෙම්බත් වෙලා. ටිකක් වෙලා මහත්තය ගාවට වෙලා ඉඳල ගන්නෙ නෑ කියල තේරුනාම මූන පුලුටු කරගෙන පස්සට එනවා දැක්කම මට දුක හිතුන වෙන්ඩ ඕනෙ මම ඒ ඇපල් ගෙඩි දෙක ගත්තා. පොඩ්ඩගෙ මූනෙ හිනා කටයි. ස්තුතියි. කියල සල්ලි ටිකත් උන්ඩිකරගෙන බස් එකෙන් බැහැල කඩේකට ගොඩ වෙනව බලාගෙන. ඒ අතරෙ බස්එක ඇද්ද.

ඊට පස්සෙ දවසක දවල්ට කන්ඩ කඩේකට ගොඩවෙලා කන්ඩ ලෑස්ති වෙද්දි ඔන්න අර පොඩිඑකත් කඩේට ආව. ඇවිත් කැරකි කැරකි ඉඳල ඉඩ නැති හිනදම මම තනියම හිටපු මේසෙන් ඇවිත් මූන දිහා බලල අහිංසක විදිහට හිනා වෙලා, මම මෙතන ඉඳගත්තට කමක් නෑ නේද ඇහුවා.

මක්වෙනවද? ඉඳගන්ඩ. ඔයා නේද බස්එකේ ඇපල් විකුනන්නේ? “ඔව් මහත්තයා.” ඉස්කෝලෙ යනවද? “නෑ.” අම්ම තාත්ත මොකද කරන්නේ? “ඒ දෙන්නම නෑ. සුනාමි ආපු වෙලාවෙ ඒකට අහුවුනා.” වෙන කව්ද පව්ලෙ ඉන්නේ? “නංගියි මල්ලියි.” ඒ දෙන්න කෝ? ”ගෙදර. උන් දෙන්නට කන්ඩ හොයන්නේ මම. ඇවිද්ද පය දහස්වටී කියල උදේ ඉඳල ඇවිදිනවා කීයක් හරි හොයාගෙන ගෙදර යන්ඩ.”

——

බස් නැවතුමේ බෝම්බයක් පුපුරල බන්… කොන්දොස්තරයි තව එක මනුස්සයෙකුයි මැරිල. බස් වල වෙලඳාම් කරපු පොඩි එකෙකුත් අහු වෙලාලු. කකුල් දෙකම නෑලු. සමහර විට මැරෙයිද දන්නෙත් නෑ. කියල කියාගෙන කසුන් ගෙට ආව විතරයි. Breaking News. බෝම්බයක් පුපුරා ලමයෙකු ඇතුලු තිදෙනෙක් මරැට.

ජීවිත රැක්ක ජීවිතේ ඉවරයි……… ඉතුරු ජීවිත?

සඳගිර

Freedom starts in mind, not by cutting ropes

June 11, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment

ගාලු ගමන

ඔන්න ඉක්කයි මායි ගාලුයන්ඩ එලියට බැස්සා………. ගෙදරින් එලියට බහිද්දිම අම්ම කෑගහනවා. “පරිස්සමින් ගිහින් එන්ඩ. ඔය බස්වල එහෙම යද්දි ටිකක් ඇස් ඇරගෙන යන්ඩ. කොහෙ බෝම්බ තියෙනවද දන්නේ නෑ.”  අම්ම කියන කතාවෙ තියෙන්නෙ ලොකු සමාජීය කතාවක්. දැන් මිනිස්සු එලියට බහින්නෙ මරනය එක අතක අරගෙන ජීවන යුද්දය අනේ අතේ තියාගෙන. හරි හරි බකපන්ඩිතයා නොවී ගමන යමං කියන්ඩ කලින් ඔන්න ගමන පටන්ගත්තා.

පාර ගැන කියනවනං මම ඉන්නෙ අරුම පුදුම පාරක. එක කෙලවරක් ජවිපෙ. අනෙත් කෙලවර එජාපෙ මැද එජනිස. හැබැයි එකක්වත් එකකට එකක් සමානවත් සම්බන්ධවත් නෑ. අතරමග බොරලුපාර. ‍ජාහෙඋ ජානිපෙ මුකො ආදී එකී මෙකී නොකී එක එක ජැක් පක්ෂ වලට චාන්ස් එක දීල තියෙන්නෙ ටික ටික අමුනන්ඩ…… ඔය පාර වැටෙන්නෙ නුවර පාරට.

ඔන්න දැන් පාරෙ ඉඳල බැලුවම ලංකාවෙ නා නා විද  ප්‍රදේශ වලට යන බස් පේනවා. ඔක්කොම යන්නෙ කොළඹට හරි කොළඹ ඉඳල හරි. ගම්පහ සහ නිට්ටඹුව බස්වලට අත අල්ලන්ඩ ඕනෙත් නෑ කඩයක් අයිනෙ මිනිහෙක් හිටියත් අය්යා යනවද කියල අහල දාගෙනම යන්ඩ තමා කල්පනාව. ඉතින් ඔය හිමින්සීරුවෙ හදිස්සියක් නැතුව කීයට ගියත් කමක් නෑ කියල යනවනං ඒව හොඳයි. වැඩේ තියෙන්නෙ සීමිත නැවතුමක් නෙමේ හින්ද දුර බස් නවත්තන්නෙ හොරෙන්. හැබැයි මම හුඟක් වෙලාවට යන්නෙම දුර බස්වල.

ඉක්කත් එක්ක යන හින්ද හොරවැඩ කරන්ඩ හොඳනෑනෙ. නැග්ග ගම්පහ කොළඹ බස් එකකට. ඉස්සරහින් ගිහින් ඉඳගන්ඩ. යන්ඩ කිව්වට බයේ බෑ. රාක්ක දිහා හොඳට බලල ඉක්කයි මායි ඉඳගත්ත. ඔය ඉස්සරහට ආපුදෙන්න ටිකට් ගන්ඩ….. කොළඹ දෙකක්. හැටයි… අනේ මන්ද ජාතික සංවර්ධන වේගය. මම 5වසරෙදි ගම්පහ ඉඳල ගෙවල් ගාවට රු2.00 යි අපි ගන්නෙ බාගෙ හින්ද රු1.00යි සමහරදාට ඒකත් හොරෙන්. අද ගම්පහට රු17.00යි. හි හි අධි වේගී සංවර්ධනය.

මල්ලි ටිකට් එක.
මල්ලි ටිකට්…. යකෝ මුගෙ කංවල දෝශයක් වත්ද?
මල්ලි මගෙ ටිකට් එක.
ටිකට් නෑහැ….
ඒක මාර කතාවක්නෙ මම සල්ලි දුන්නනෙ….
ටිකට් පොත ඉවරයි.
එහෙනං අර ගහල තියෙන්නෙ ඔබ දුන් මුදලට සරිලන ප්‍රවේශපත්‍රයක් ලබාගන්න. වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට දඩය රු100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයකි කියල.
ආ ඕක මම නෙමේ ගැහුවෙ.
ආ මල්ලි නෙමේද? එහෙනං අව්ලක් නෑ

මමත් සද්ද වහල යන්ඩ ගත්ත. කුඩේකින්වත් දමල ඇරියොත් එහෙම……

ඔන්න ඔහොම යද්දි කිරිබත්ගොඩ හරියට යද්දි නෑ කිව්ව ටිකට් බෙදාගෙන බෙදාගෙන යනවා. එකෙක් මෙන්න සල්ලි කියල දුන්නත් පස්සෙ ගම්මු කියල උටත් ටිකට් එක දුන්න. යකෝ මූ මාර කොන්දෙක් වෙලානෙ කියල හිත හිත වැඩි දුරක් යන්න උනේ නෑ හේතුව අතේ මාට්ටු. ටික්කො ඉන්නව පාර අයිනෙ…. ඇල්ලුව බස් එකට අත. කොන්ද අයිය කොල කෑලි වගේකුත් අරගෙන දිව්ව ලඟට… එක ටික්කෙක් අහනව බස් එකට නැගල හැමෝම ගාව ටිකට් තියනව නේද කියල…… ඔව් දැන්නං තියෙනවා. ඔන්න ගේම. කොන්ද සුං. ඌත් එනව ටික්කෙක් ගෙන් ටිකට් එකක් අරගෙන.

හිහී ඇද්ද හූ…… කියන්ඩ චාන්ස් එකක් ආවෙ නෑ ආපු කොන්ද ඇරිය මගෙ මූණ හරහ.. ඔන්න දැනුයි සීන් එක හරියටම තේරුනේ……..

මට මේසෙට ඔලුව තියන් නිදා ගෙන… ගාලු ගමන ඉවරයි……. දැන් ඇඳට….

June 7, 2008 Posted by tharindu | Uncategorized | | 3 Comments

පන්තියෙන් සිතුවිල්ලක්

යාළුවෙක්ට පො‍ඩි සමිබන්දෙකුත් තියෙනවා……. හැබැයි කව්රැත් ඒ ගැන මුකුත් කියන්ඩ එපා…….. එහෙම උනොත් මම ඉවරයි………

සඳ දුරයි ආකාසයේ
රැස් ළඟයි ඔබෙ සුවඳ සේ
සිත සරයි ආකාසයේ
ඔබෙ මුහුණ සොයනා ලෙසේ

තරැ ඇතත් මුළු අහස පුරා
සඳු නැතොත් ඒ අහස අරා
මගෙ නෙතත් ඔබ දකින තුරා
හද දවයි අඳ අහස යුරා

සිටියත් ඔබ නැති නෙත් දහසක් අතරේ
සිත නෙත දෙකම නුඹෙ දසුනයි සෙව්වේ
දුටුවන නයන පිනවන ලෙස ඔබ දසුනේ
අවසන පිනන ලෙස සිටිනා වැද සුසුමේ

හිමි නොමැති වග දනිමි
සිත ඔබේ මත දැවෙමි
නෙතු ඔබේ දෙස බලමි
නිහඬවම නෙතු විඳිමි

penඅහිමි මුත් ඔබෙ දෑත
නැත පලක් විඳවීම
ඇත දෙයක් විඳගැනුම
දෙස හැරෙමි ඉගනීම

සඳගිර

මෙම කවි සඳහා පිටපත් කිරීම පිළිබඳ නීතීන් සහ රෙගුලාසි නැතිමුත් කොපි කිරීම නොගැලපෙන නිසා උපුටා ගැනීම්වලදී හෝ මෙය නැවත පල කිරීමේදී දැනුම් දීමට කාරැණික වන්න. එමෙන්ම කරැණාකර වෙනස් කිරීමෙන් වලකින්න. උපුටා ගැනීමේදී නම (සඳගිර)ද සමඟ උපුටාගන්න.

ස්තුතියි.

May 20, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

සිරි සුභ වෙසක් මංගලයයක් වේවා

Vesak lanton

May 19, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment

30-04-2008 බදාද

ඊයෙ ලියන්ඩ කියල ලොග් උනාට මොකද තව පොඩ්ඩෙන් මූණ තුවාල වෙනව මේසෙ වදිල. ඔලුව වැදුනමයි තේරුනේ නින්ද ගියා කියල. ලිවිල්ල පැත්තකින් තියල ගිහින් නිදාගත්ත.

අද මම දැක්කා ලොකු වලියක් බූන්දි ගැන. කව්රැ හරි ගාව තියෙනවනං මටත් එවනවද ඒකෙන් පිටපතක්.

trip එක ගෙනියන්ඩ ලොකුඅය්යගෙන් ඉල්ලගත්ත කැමරාව තාම මගෙ ලඟ හින්ද වත්තට බැහල පින්තූර ටිකක් ගන්ඩ හිතුන. බලන්ඩ කොහොමද කියල. හැබයි සමහර ගස්කොල වල නම් නං මම දන්නෙත් නෑ.

 

නම පස්සෙ දාන්නං

නම පස්සෙ දාන්නං

 

kandian dancer (උඩ රට නැට්ටුවා)

මල් ගෝවා

කොල අැන්තූරියම්

bird nest (මීවන විශේෂයක්)

නීරමුල්ලිය

නිල්මානෙල්

නම පස්සෙ දාන්නං

Home sweet home

රටේ තියෙන දේශපාලන විහිලු දැක්කම මටත් ඒගන බ්ලොග් එකක් ලියන්ඩ හිතෙනව. ඉස්සරහදි බලමු.

අදට ඈති කියල හිතෙනව. හෙටත් ලියන්ඩ හිතාගෙන දැනට නවතින්නං.

තරිඳු

April 30, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

28-04-2008 සඳුඳා

ඊයෙ නං ලියන්ඩ බැරිඋනා. හේතුවකුත් තියෙනව සාධාරණ නැතිඋනාට. අපි, එ් කියන්නෙ මගෙ යාළුවො ටිකක් එක්ක නිවාඩුවක් ගන්ඩ ගමනක් ගියා. ගමන නං නියමයි. එ්ක වෙන කතාවක්. කාටවත් මගෙ trip වලින් අහං ඉන්ඩ දෙයක් තියනවෑ. මම කියන්ඩ යන්නෙ ගිය අයයි ලංකාවෙ තියෙන යුද්දෙයි ගැන.

මේ යකා මොනවද මේ කියවන්නෙ මුගෙ ගමන කොහොමද ලංකාවෙ තියෙන ප්රශ්නෙත් එක්ක සම්බන් වෙන්නෙ මුට පිස්සුද කියල හිතුනද? ටිකක් ඉන්ඩකො. මම කියන්නං සිද්දිය.

අපේ ගමන ගියා 14 දෙනෙක්.
1* තරිඳු ( මම ) – සිංහල
2* හමාඩා – මුස්ලිම්
3* දිලෘක්ශාන් – සිංහල
4* ජනත් – සිංහල
5* ගෝබිරාජන් – දමිල
6* අසේල – සිංහල
7* දුමින්ද – සිංහල
8* ජව්ෆර් – දමිල
9* අචිර – සිංහල
10* තනිකන් – දමිල
11* සුගන්තන් – දමිල
12* ශෝන් – සිංහල
13* ගෙම්බ – සිංහල
14* පිස්සු – සිංහල

හැබැයි කාටවත් ආගමවත් ජාතියවත් පිළිබඳ මුකුත් ප්රශ්ණයක් තිබ්බෙ නෑ.

උතුරෙ, හමුදාවෙ අය්යල යුද්දයක් කරනව. කොටි අහින්සක සිහල දෙමල මුස්ලිම් ආගම් ජාති කුලමල කිසිම බේදයක් නතුව අහුවෙන ඕන කෙනෙක්ව මරනවා. ඔළුවක් නැති වාහිනියෙනුය් සමහර පක්ෂයි කතා මවල පෙන්නනවා. ඩොලර් වලට කට අරින සාම වාදීනුයි යුද විරෝදීනුයි කොටින්ට වදිද්දි අඬාවැලපෙනවා. හැබැයි අපිට ඔය කිසි ප්රශ්ණයක් නැහැ.

අපි දන්නවා දමිල ඔක්කොම කොටි නෙමේ කියල. මම කැමතියි ළඟදි මගෙ දෙමල යාළුවෙක් කිව්ව කතාවක් කියන්ඩ, එයාගෙ දෙමව්පියො සහෝදර සහෝදරියො ඔක්කොම ඉන්නෙ යාපනේ. මිනිහ විතරක් මෙහෙ ඉඳල මේ පාර නිවාඩුවට ගමේ ගියා. තාම නිවාඩුවෙන් පස්සෙ දක්කෙ නෑ. මමත් කොට්ට කෙලෙන්ගු ගේනකන් බලන් ඉන්නෙ. :-) ….
මිනිහ මේ පාර ගමේ ගියෙ අවුරැදු 4කට පස්සෙ. යන්ඩ කලින් කිව්ව. “මම යන්ඩ හදුවෙ ඒ අවුරැදු වලත්. ඒත් ඒ දවස් වල යාපනෙත් දන් කොළඹ තියෙන තත්වෙ වගේ. බෝම්බ පුපුරනව කියල අම්ම මට ගමට එන්ඩ දුන්නෙ නෑ. දන් ආපහු යාපනේ හමුදාව යටතෙ තියෙන්නෙ. දන් ආපහු කරදරයක් බයක් නතුව ඉන්ඩ පුළුවන් කියල මේ පාර අවසර දුන්නෙ.”

ඔන්න ඕකයි තත්වෙ. දෙමළ සිහල කියල යුද්දයක් මෙහෙ නෑ. තියෙන්නෙ කොටියි ශ්රීලාකිකයොයි අතර ප්රශ්ණයක්. ඉතින් එහෙව් එකේ මේ කාලකණ්ණි යුද්දෙ ඉක්මනින් ඉවර කරල රටට සාමය සතුට ලංකරල දෙන්ඩ පුළුවන් වෙන්ඩ කියල ඒ සඳහා මහන්සි වෙන ජීවිත පූජා කරන සියළුම අයට මම මගේ සුභාසිශණ ගේනවා.

තරීඳු

April 28, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet