ධම්මපදය
1
මනෝ පුබ්බඞ්ගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා වේ පදුට්ඨේන
භාසතීවා කරෝතිවා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං
වේදනා සංඤා සංස්කාර යන චතසික ධර්මයෝ සිත මූලික කරගෙන ඇතිවේ. නරක සිතුවිලි වලින් දූෂිත වූ සිත බොරු කේලම් පරුෂ වචන ආදී කතාවෙන් කරන වැරදි කරයි නම් හෝ පර පන නැසීම සොරකම් ආදී පව් කරයිද එසේ නම් ගොනුට බර දෙමින් ගොනු පසුපස යන කරත්තය මෙන් තම වැරදිද තමාට දඬුවම් දෙමින් තමා සමඟම පැමිනෙයි.
2
මනෝ පුබ්බඞ්ගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසතී වා කරෝතිවා
තතෝනං සුඛමන්වේති
ජායාව අනපායිනී.
වේදනා සංඤා සංස්කාර යන චතසික ධර්මයෝ සිත මූලික කරගෙන ඇතිවේ. යහපත් සිතුවිලි වලින් පැහැදුනා වූ සිත මනා තෙපුලක් කරයි නම් හෝදානය ආදී පින් කරයිද එසේ නම් ශරීරය අතනොහැර ශරීරය සමඟම ගමන් කරන සෙවනැල්ල මෙන් තම කුසලයන්ද සැපය දෙමින් තමා සමඟම පැමිනෙයි.

![[Valid RSS]](valid-rss.png)
nice web site
good luck