සඳගිර

A word from my heart to mother language

උතුරැ මැදට සහ නැගෙනහිරට – ඉතිරි කොටස

31 ඉරිදා පෙව 6.00

උදුල උදේම ගෝෂකයගෙ වැඩේ බාර අරගෙන. නැගිටපාන් කියල දාපු සද්දෙට මට නෙමේ කුම්භකර්ණයගෙ තාත්තට වුනත් ඇහැරෙන්ඩ හොඳටෝම ඇති කියල හිත හිත. හරි යකෝ පොඩ්ඩක් හිටපන් කියල අමාරුවෙන් ඇස් ඇරගත්තෙ යන්ඩ තියන ගමන මතකෙට ආපු හින්ද. නැත්තං උදුලය නෙමේ සක්කරය බෙරිහන් දුන්නත් කුදගහගනිං කියල නිදාගන්න විතර නිදිමතක් ඉතුරුකරගෙන නැගිටලා අමාරුවෙන් ඇස් දෙක ඇරගත්ත. බැලුවහම තිළිණය තාම නිදි. යකෝ උදුලයගෙ සද්දෙට ඇහැරුනෙත් නෑකියන්නේ මූ බෝම්බයක් කණ ඇතුලෙ පිපුරුවත් ඇහැරෙන්නෙ නෑ කියල. එහෙමයි කියල මුට නිදාගන්ඩ දීල මූ පරක්කු උනාම අපිටමනෙ පාඩු කියල ඇදෙන් බිමට ඇදල දැම්මා. *ඒක වි‍‍ශේෂයෙන්ම කිව්වේ ඌ උදේ ඉඳලම රන්ඩු වුනා මම ඒක කලේ මාව ඇහැරවපු එකේ ඊරිසියාවට කියල.

මෙත්තගෙ නැන්ද දීපු තේක බීල පෝලිම් වල වැඩ අවසානයේ ගමනට සූදානම් වීම අවසන් වුනා.

//එන්ඩ ලෑස්තිවෙලා අවසාන මොහොතෙත් අම්මගෙ ප්‍රකාශයන් මතකෙ බයානක නැති තැනක smile_wink නාන්ඩ ඇඳුම් ටිකකුත් ගත්තා.//

අන්තිමේදි ගෙදරට ආපු වෑන් එකක ගමන පිටත්වුනා.

31 ඉරිදා පෙව 11.00

රියදුරු මහත්තය ඒ පැත්තෙම කෙනෙක් නිසා ගමනේ මුල් හරිය කිසි ප්‍රශ්නයක් නැතුව ගියා. එක ප්‍රශ්නයක් ඇරෙන්ඩ. ප්‍රශ්නෙ වුනේ පොලිසිය. කොළඹ ‍බෝම්බ පිපුරුවත් ඒ පැත්තෙ නං කිසිම ප්‍රශ්ණයක් නෑ බෝම්බයක් තියා බට්ටෙක්වත් පත්තු කරන්ඩ බෑ පොලිසියට හරි සිවිල් ආරක්ෂකයෙක්ට හරි අහුවෙන්නෙ නැතුව. හිඟුරක්ගොඩ ඉඳල පොත් සීයක විතර විස්තර සටහන් කරගෙන අමාරුවෙන් ත්‍රිකුණාමලයට සැපත්වුනා……

අර රනිල් මහත්තය කියන ආයුධ ගත්ත පිල්ලයාන්ගෙ සෙට් එකේ එකෙක්ව බලාගැනීමේ ඉමහත් ආසාවකින් පසුවුනත් එනකන්වත් ඒ ආසාව ඉස්ට වුනේ නෑ. මේ අඩියෙන් අඩියට පොලිසියෙන් ඉන්න ත්‍රිකුණාමලේට මොන තුවක්කුද කියල වෙන්ඩ ඇති.

කොහොම හරි ටවුන් එකට ගිහිල්ල හමුදාවෙ අයියලගෙන් පාර අහගෙන ඉස්සල්ලම කෝණේශ්වරම් (කෝණේසර්) කෝවිලට ගියා. ඒකට යන්ඩ තියෙන්නෙ ආමි කෑම්ප් එකක් මැද්දෙන් හින්ද camera, camera phone මුකුත් ගෙනියන්ඩ දෙන්නෙ නෑ. එතන Entrance එකේ තියෙන check point එකේ ඒව ඔක්කොම තියල යන්ඩ වුනා. හැබැයි තියල ගියාට මොකද පස්සෙ නං * කෝවිල ලඟට ගියාමනං හිතුන අපරාදෙ කියලා. ඒ වගේ දර්ශණයක් වීඩියෝ කරන්ඩ ‍ෆොටෝ ගන්ඩ බැරි උනාට බලන්ඩ පුලුවන් උනානෙ කියල හිත හදාගත්ත. ඒ වගේ මුහුදක් ඒ වගේ දර්ශනයක්……..

ආ තව විශේෂ දෙයක් තියෙනවා. කෝවිල තියෙන්නෙ ත්‍රිකුණාමලය ලන්දේසි කොටුව ඇතුලෙ. ඉතින් හිතාගන්ඩ පුලුවන්නෙ මොනවද බලන්ඩ තියෙන්නෙ සහ මොන වගේ පරිසරයක්ද කියල.

ඉතින් ඊටපස්සෙ ආපහු ඇවිත් හමුදාවෙ අයියලත් එක්ක කතාකරල උදේට කන්ඩ ෆයිනස් වගාවක් ගාවට ආව. ඇතුලට ගියාමයි දැක්කෙ ඒක ඇතුලෙ මුව රංචුවක් ඉන්නවා. ඒ මුවො හරිම හීලැයි. කාල දුන්න බත් කන්ඩ කිසි බයක් නැතුව ළඟටම එනවා. ඉතින් අපිත් ඉටිකොල (බත්කොල) අයින්කරල මුවන්ට කන්ඩ දීල ආපහු ගමන පටාන් ගත්ත.

කන්නියා සහ නිලාවැලි ගිය ගමන හෙට ලියන්නං. ඉතිං අදට යන්නං. සුපුරුදු පරිදි හොඳට නිදිමතයි.

June 5, 2008 Posted by tharindu | diary, චාරිකා | | No Comments Yet

උතුරැ මැදට සහ නැගෙනහිරට

මොකක්ද යකෝ මේ හරැපෙ……. උතුරැ මැදට සහ නැගෙනහිරට? නැහැ නැහැ මම පහුගිය දවස්ටිකේ ඉස්කෝලෙ හිටපු යාළුවො ටිකත් එක්ක පොලොන්නරුවෙ ඉන්න යාළුවගෙ ගෙදර ගියා පොඩි නිවාඩුවක් අරගෙන එන්ඩ කියල. ඇත්තම කියනවනං මේ දවස්වල කොහොමත් පන්තියෙ වැඩ වලට වඩා වෙන වැඩ වැඩි හින්ද මටනං අමුතුවෙන් නිවාඩුවක් ඕන උනේ නෑ. ඒත් යාළුවො ටික එකතුවෙන්නෙ අවුරැදු දෙකකට විතර පස්සෙ හින්ද නොගිහින් බැරි හින්ද ගියේ.

යනව කියල කියන්ඩත් කලින්ම අම්මට ඉව වැටුන. අනේ මන්ද අම්මල කියන්නේ මොනවගේ ජාතියක්ද කියල. ළමයි ගැන පුදුමාකාර ඉවක් තියෙන්නෙ. අපි හැරෙද්දි දන්නවා මොකක් හරි නටන්ඩතමා ලෑස්තිවෙන්නෙ කියල. මේ බස්වල කෝච්චිවල ‍බෝම්බ පුපුරනව ඉවරයක් නෑ මෙයා රස්තියාදුවෙ යන්ඩ ලෑස්තිවෙනව කියල පළවෙනි වෙඩිමුරය තිබ්බෙ එනවද අහල මෙත්ත (හිඟුරක්ගොඩ යාළුවා) දුන්න Call එකේ වචනයක් දෙකක් ඇහිල වෙන්ඩ ඕනෙ. වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසිනීතිය ක්‍රියාත්මක කර සම්බාධක පනවල මුලු ගෙදරම යුධ මානසිකත්වය ඇතිකලා එදා රෑවෙද්දි. මමත් ඇමරිකන් ප්‍රහාර වලට ඉරාකය මුහුණ දුන්න වගේ අම්ම වචන සීයක් විතර කියද්දි එක වචනයක් විතර කියල කෝටියක විතර තරහ අවුස්සල ආපහු ඇහුනෙ නෑවගේ සද්ද වහල මගඇරල හිටිය. අන්තිමේදි කොහොමහරි “ඔයා මොනව කිව්වත් අම්මෙ මම යනව කියල ඔයා දන්නවනෙ,  ඉතින් එහෙම එකේ ගමන ගිහින් මොනව හරි උනොත් ඔයාගෙ කට තමා කිව්ව. ” බේත හරියටම හරි ගියා. වහාම ක්‍රියාත්මක වන පරිදි යුධ නීතිය හා සමීබාධක ඉවත්කර ගමනට අවශ්‍ය පහසුකමි අවම තත්වය යටතේ සැපයීමට තීරණය කලා.

ඉතින් ඊට පස්සෙ නානාවිද යෝජනා සූදානම්කිරීම් සහ යන කන්ඩායම දැනුවත් කිරීම් වලින් අනතුරුව 29, 30, 31, 1 සහ 2 යන දිනයන් වල ගමන යාමට තීරනය වුනා. නමුත් නොවැලක්විය හැකි හේතුවක් නිසා අන්පිරිස 29 රාත්‍රි‍ තැපැල් දුම්රියෙන්ද මම 30 සිකුරාදා රාත්‍රියේ බස් රථයෙන්ද යාමට කථිකාකරගෙන ඒ අනුව පොලොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙත්තාගේ නිවසට ළඟාවුනා. උසස් පෙල කරන අවදියේ දස දොළොස් දෙනෙක් වූ මිතුරු පිරිස මේ වනවිට නොයෙකුත් හේතූන් මත 5දෙනෙක් දක්වා අඩුවෙලා. හේතුව බලාපොරොත්තු තබා සිටින කාන්තා පාර්ශවයේ විරෝධය බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරසිටියා.

29 සිකුරාදා පව 8.00

කොළඹ සිට කදුරුවෙල බලා පිටත්වීමට නියමිත මාර්ග අංක 48 බස් රථයකට ගොඩවුනා. කන්ඩ තියා ‍බොන්ඩවත් මුකුත් ගත්තෙ නැති නිසා අතේ තිබ්බ බෑග් එක පොඩ්ඩකට තියාගන්ඩ පුලුවන්ද කියල ලඟ හිටපු කෙනාගෙන් ඇහුවාම බෝම්බෙකට අහු වුනා වගේ මූන දිහා බැලුවා. ඒ පාර වතුර හිතින් අත ඇරල ත්‍රස්තවාදය වපුරල මිනිස්සුන්ගෙ ජීවිත විනාස කරන කාලකන්නින්ට හිතින් සාප කරකර ඇලට් එකක් දාන්ඩ සූදානං වුනා.

30 සෙනසුරාද පෙව 3.00

මින්නේරිය ටවුන් එකෙන් බැහැල *වීල් එකක්* Taxi එකක් අරගෙන යාළුවගෙ ගෙදරට සම්ප්‍රාප්ත වුනා. යද්දි කාමරේකුයි ඇඳකුයි ලෑස්ති කරල තිබ්බ. නාල කරල නිදාගන්ඩ කිව්වම පිස්සු හැදෙයි කියල  මූණ කට හෝදගෙන ඇඳට වැටුන.

30 සෙනසුරාද පෙව 8.00

කොහෙවත් යනවට වැඩිය ගෙදර ඉන්න එක හොඳා කියල එදා දවස ගෙදර හිටියා. Carom ගැහුව. ඒක අමුතු board එකක්.  එක හැඩයක් කියල නෑ. නා නා විද හැඩ තල තිබුන අමුතු එකක් නිසා Carom වගේ සෙල්ලමක් කලා කිව්වොත් වැඩිය හරි. ඕමි ගැහුවා. ම්..ම්..ම්..ම් Call of duty 4 ගැහුවා.

30 සෙනසුරාදා පව 10.00

හෙට උදේම ත්‍රිකුණාමලේ යන නිසා කලින් නිදාගන්ඩ ආව. ඉන්දියාවෙ මොකක්ද ක්‍රිකට් සෙල්ලමක් යන හින්ද අග මුල නොදැන බලන් ඉන්ඩ වුනා.

……………………………………………………………..

……………………………………………………………..

නිදිමතයි අද ඔක්කොම විස්තරේ ලියන්ඩ බෑ. මතු සම්බන්දයි.

……………………………………………………………..

June 4, 2008 Posted by tharindu | diary, චාරිකා | | No Comments Yet

සටහන

මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්ණත් එක්ක ගත්තහම මේව මොනවද කියලත් හිතෙනවා. හැබැයි වැඩේ කියන්නෙ මේවගේ දේවල් වෙද්දි දුක හිතෙනවා.

පන්ති ගිහියත්, උපාධියක් කලත්, වෙන මොන විදිහකට ඉගෙන ගත්තත් අන්තිමට රස්සාවක් කරන්ඩ වෙනවා. අන්න ඒ වෙලාවට වැඩ කරන්ඩ වෙන්නෙ කාත් එක්කද කියන එක නං තීරනය වෙන්නෙ “වෙලාව” මතද කොහෙද.

Diploma එක ඉවර වෙද්දි කරල තිබුනෙ HTML සහ Java Script විතරක් උනාට පොත් පත් සහ අන්තර්ජාලය පස්සෙ පන්නල පන්නල Web Site එකක් හදාගන්ඩ අවශ්‍යය වෙන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. කොහොමින් කොහොම හරි වැඩක් කරගන්ඩ පුළුවන් මට්ටමක‍ට ආවයි කියමුකො. ඊට පස්සෙ තියෙන ප්‍රශ්නෙ “මට මොනවද කරන්ඩ තියෙන්නෙ?” ඔන්න ප්‍රශ්නෙ පටන් ගන්න තැන.

හොඳ ඇඳුරැම් කම් ජාලයක් තියෙනවනං ඒකත් ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ වගේ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ජාලය හැමෝටම හදාගන්ඩ පුළුවන්ද කියන එකයි ඒ ජාලයේ පුරැක් වල හැකියාවන් හා ප්‍රභලතාව මතයි. ඒ අනුව ගත්තහම වැඩක් හොයාගන්න එකත් එච්චරම ලේසි වැඩක් නෙමේ වගේ හැබැයි ඉතින් ඕන කම තමා වැදගත්ම දේ.

මම අමාරැවෙන් ඔය ප්‍රශ්න ගානටම උත්තර හොයාගත්ත. දැන් මට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ ඒ හොයාගත්ත අන්තිම උත්තරේ.

වටේ ගගහ ඉන්නැද්දි ලංකාවෙ ප්‍රසිද්ද ක්‍රීඩා සංගමයක Web site එක හදන්ඩ අවස්ථාව ලැබුන. ඔරැව හම්බුන වෙලාවෙ තොටියගෙ ජාතකෙයි ගගේ ජඹුරයි හොය හොයා හිටියෙ නෑ නැග්ග ඔරැවට. ගඟ මැද්දෙදියි තේරැනේ තොටියට ඔරැව පදින්ඩත් බෑ පදින්ඩ දෙන්නෙත් නෑ කියල. මොනව කරන්ඩද නැග්ග ඔරැවනෙ එගොඩට යන්ඩම ඕනෙ හින්ද හිතේ වීරියට දන්න ජාති ඔක්කොම දාල බලෙන්ම පදිනවා. වැඩේ තියෙන්නෙ මිනිහ මට හබල දෙන්නෙත් නෑනෙ.

අනේ මන්ද, ඔරැවටත් වතුර පිරෙනවා. ඉව්රත් දුරයි, මගෙත් අවසානෙද මන්ද. තවම ඉතුරැවෙලා තියෙන්නෙ හිතේ හයියයි පීනන්ඩ පුළුවන් කියන විශ්වාසෙයි විතරයි.

අනේ මන්ද ජීවිතේ කියන්නෙත් මහ පුදුම දෙයක්. ඊයෙ කවි ලිව්ව. අද මට නලාව වදිනව වගේ.smile_omg

සඳගිර

May 21, 2008 Posted by tharindu | diary, සිතුවිලි | | No Comments Yet

පන්තියෙන් සිතුවිල්ලක්

යාළුවෙක්ට පො‍ඩි සමිබන්දෙකුත් තියෙනවා……. හැබැයි කව්රැත් ඒ ගැන මුකුත් කියන්ඩ එපා…….. එහෙම උනොත් මම ඉවරයි………

සඳ දුරයි ආකාසයේ
රැස් ළඟයි ඔබෙ සුවඳ සේ
සිත සරයි ආකාසයේ
ඔබෙ මුහුණ සොයනා ලෙසේ

තරැ ඇතත් මුළු අහස පුරා
සඳු නැතොත් ඒ අහස අරා
මගෙ නෙතත් ඔබ දකින තුරා
හද දවයි අඳ අහස යුරා

සිටියත් ඔබ නැති නෙත් දහසක් අතරේ
සිත නෙත දෙකම නුඹෙ දසුනයි සෙව්වේ
දුටුවන නයන පිනවන ලෙස ඔබ දසුනේ
අවසන පිනන ලෙස සිටිනා වැද සුසුමේ

හිමි නොමැති වග දනිමි
සිත ඔබේ මත දැවෙමි
නෙතු ඔබේ දෙස බලමි
නිහඬවම නෙතු විඳිමි

penඅහිමි මුත් ඔබෙ දෑත
නැත පලක් විඳවීම
ඇත දෙයක් විඳගැනුම
දෙස හැරෙමි ඉගනීම

සඳගිර

මෙම කවි සඳහා පිටපත් කිරීම පිළිබඳ නීතීන් සහ රෙගුලාසි නැතිමුත් කොපි කිරීම නොගැලපෙන නිසා උපුටා ගැනීම්වලදී හෝ මෙය නැවත පල කිරීමේදී දැනුම් දීමට කාරැණික වන්න. එමෙන්ම කරැණාකර වෙනස් කිරීමෙන් වලකින්න. උපුටා ගැනීමේදී නම (සඳගිර)ද සමඟ උපුටාගන්න.

ස්තුතියි.

May 20, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

සිරි සුභ වෙසක් මංගලයයක් වේවා

Vesak lanton

May 19, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment

සිංහල SMS ‍‍‍කෙ‍ටි යෙදුම්

අද යාළුවෙක් මට එව්ව mail එකක තිබුන දෙයක් තමා මේ. හැබැයි ලස්සන වැ‍ඩක් එහෙමත් නැත්තං ලස්සන අදහසක් හින්ද මේක blog එකට දාන්ඩ හිතුනා. බලන්ඩකො කොහොමද කියල.

ආදරවන්තයින්ගේ SMS සඳහා සිංහල කෙටි යෙදුම්

KI = කොහොමද ඉතින්
OI = ඔහෙ ඉන්නවා
BK = බත් කෑවද
OK = ඔව් කෑව
KHI = කොහෙද ඉන්නෙ
KG = කොහෙද ගියෙ
HHWA = හෙට හමු වෙමුද අපි
HM = හ්ම්
NAHWA = නෑ අද හමු වෙමුද අපි
IG = අය්ය ගෙදර
UM = උම්ම
UMMMM = උම්ම්ම්ම
HE = හෙට එනවද
AB = අපි බදිමු
TAN = තම අව් රුද්දක් වත් නෑනෙ
AK? = අම්මලට කියමුද?
AHN = අනේ හරි නරකයි
EHN = ඊය හරි නරකයි
VIK = විහිලුවටනෙ ඉතින් කිව්වෙ
VT = විහිලු තමයි
HAT = හ්ම් අපි තරහයි
HHI = හරි හරි ඉතින්

මතු සම්බන්ධයි
අදට ඇති. හෙට මේකෙ ඉතුරු ටික අරන් එන්නං

ඔන්න අපි ගියා……….

May 13, 2008 Posted by tharindu | diary | | No Comments Yet

කාලෙකට පස්සෙ….

ලියන්ඩ ගියාම පටන්ගත්ත හදිස්සියත් නෑ. ලියන්ඩ දේවලුත් නෑ කියන්ඩ දේවලුත් නෑ කරන්ඩ දේවලුත් නෑ කියල හිතුනට ඒක එහෙමත් නෑ, උවමනාවක් නැතිකමදත් කියල හිතෙනවා.

කොහොම හරි කමක් නෑ ඔන්න ගූගුල් සෙවුම් (Google search engine) යන්ත්රේට පුලුවන් පොඩි වැඩකුත් හොයාගෙනයි ආවෙ.

ඕගොල්ලො දන්නවනෙ. ලන්කාවෙ විතරක් නෙමේ ලෝකෙ ගොඩාක් රටවල් ආරක්ශක කැමරා (security camera) පාවිච්චිකරනවනෙ. ගූගුල් සෙවුම් (Google search engine) යන්තරේට පුලුවන් ඒව බලන්ඩ පොඩි අවස්තාවක් ලබාදෙන්ඩ. ඒවිතරක්මත් නෙමේ. සමහර කැමරා පාලනය (control) කරන්ඩත් ඒකියන්නෙ ඒ මේ අත හැරවීමේ හැකියාවත් ඔබට තියෙනවා. කැමතිද උත්සහ කරල බලන්ඩ.

ඇත්තටම මහලොකු වැඩකුත් නෑ. පොඩි වැඩක් කරන්ඩ තියෙන්නෙ.

පළමු පියවර – ඔබගේ පරිඝණකයේ අන්තර්ජාලය වෙත ඇති ජනේලය. එසේ නැතිනම් අන්තර්ජාල සෙවුම්කරු (Internet explorer) හෝ ගිනිනරියා (Firefox) හෝ වෙනත් එවන් කව්ලුවක් විවුර්ත කරගන්න.

දෙවන පියවර – එහි ලිපිනය සදහන් කරන කව්ලුවේ (address bar) http://www.google.com යනුවෙන්සදහන් කර ඇතුලු කිරීමේ (Enter key) යතුර ඔබන්න.

තෙවන පියවර – මතු වූ ගූගුල් සෙවුම් යන්තරයේ inurl:view://shtml යනුවෙන් සදහන් කර ඇතුලු කිරීමේ යතුර (Enter key) ඔබන්න.

හහා… කැමරාවලට යන පාර මෙන්න………..
ඔබට කැමති ආකාරයකට එහි යාමේ අවස්ඨාව දැන් ඔබට.
හැබැයි පරිස්සමින්. බොරු වලවල් උගුල් අතුරු ආන්තරා නෑ කියල මම කොහෙදිවත් කිව්වෙ නෑ විතරක් නෙමේ. ඒව තියෙන්ඩ පුලුවන් කියල අනතුරු ඇගෙව්ව කියලත් මතක තියාගන්ඩ.

ඔන්න අදට කතාව ඉවරයි. ඉක්මනට ආපහු එන්නන්…..

තවත් පොඩිදෙයක් තියෙනවා කියන්ඩ……..
මම වෙබ් එකක් හදාගෙන යනවා http://www.firebox.com.on.lk කියලා. ඒක ජාලකරනය පිළිබද තොරතුරු ඇතුලත් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ. හැබැයි වලින්. ඇවිත් බලන්ඩ.

May 12, 2008 Posted by tharindu | diary | | No Comments Yet

30-04-2008 බදාද

ඊයෙ ලියන්ඩ කියල ලොග් උනාට මොකද තව පොඩ්ඩෙන් මූණ තුවාල වෙනව මේසෙ වදිල. ඔලුව වැදුනමයි තේරුනේ නින්ද ගියා කියල. ලිවිල්ල පැත්තකින් තියල ගිහින් නිදාගත්ත.

අද මම දැක්කා ලොකු වලියක් බූන්දි ගැන. කව්රැ හරි ගාව තියෙනවනං මටත් එවනවද ඒකෙන් පිටපතක්.

trip එක ගෙනියන්ඩ ලොකුඅය්යගෙන් ඉල්ලගත්ත කැමරාව තාම මගෙ ලඟ හින්ද වත්තට බැහල පින්තූර ටිකක් ගන්ඩ හිතුන. බලන්ඩ කොහොමද කියල. හැබයි සමහර ගස්කොල වල නම් නං මම දන්නෙත් නෑ.

 

නම පස්සෙ දාන්නං

නම පස්සෙ දාන්නං

 

kandian dancer (උඩ රට නැට්ටුවා)

මල් ගෝවා

කොල අැන්තූරියම්

bird nest (මීවන විශේෂයක්)

නීරමුල්ලිය

නිල්මානෙල්

නම පස්සෙ දාන්නං

Home sweet home

රටේ තියෙන දේශපාලන විහිලු දැක්කම මටත් ඒගන බ්ලොග් එකක් ලියන්ඩ හිතෙනව. ඉස්සරහදි බලමු.

අදට ඈති කියල හිතෙනව. හෙටත් ලියන්ඩ හිතාගෙන දැනට නවතින්නං.

තරිඳු

April 30, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

28-04-2008 සඳුඳා

ඊයෙ නං ලියන්ඩ බැරිඋනා. හේතුවකුත් තියෙනව සාධාරණ නැතිඋනාට. අපි, එ් කියන්නෙ මගෙ යාළුවො ටිකක් එක්ක නිවාඩුවක් ගන්ඩ ගමනක් ගියා. ගමන නං නියමයි. එ්ක වෙන කතාවක්. කාටවත් මගෙ trip වලින් අහං ඉන්ඩ දෙයක් තියනවෑ. මම කියන්ඩ යන්නෙ ගිය අයයි ලංකාවෙ තියෙන යුද්දෙයි ගැන.

මේ යකා මොනවද මේ කියවන්නෙ මුගෙ ගමන කොහොමද ලංකාවෙ තියෙන ප්රශ්නෙත් එක්ක සම්බන් වෙන්නෙ මුට පිස්සුද කියල හිතුනද? ටිකක් ඉන්ඩකො. මම කියන්නං සිද්දිය.

අපේ ගමන ගියා 14 දෙනෙක්.
1* තරිඳු ( මම ) – සිංහල
2* හමාඩා – මුස්ලිම්
3* දිලෘක්ශාන් – සිංහල
4* ජනත් – සිංහල
5* ගෝබිරාජන් – දමිල
6* අසේල – සිංහල
7* දුමින්ද – සිංහල
8* ජව්ෆර් – දමිල
9* අචිර – සිංහල
10* තනිකන් – දමිල
11* සුගන්තන් – දමිල
12* ශෝන් – සිංහල
13* ගෙම්බ – සිංහල
14* පිස්සු – සිංහල

හැබැයි කාටවත් ආගමවත් ජාතියවත් පිළිබඳ මුකුත් ප්රශ්ණයක් තිබ්බෙ නෑ.

උතුරෙ, හමුදාවෙ අය්යල යුද්දයක් කරනව. කොටි අහින්සක සිහල දෙමල මුස්ලිම් ආගම් ජාති කුලමල කිසිම බේදයක් නතුව අහුවෙන ඕන කෙනෙක්ව මරනවා. ඔළුවක් නැති වාහිනියෙනුය් සමහර පක්ෂයි කතා මවල පෙන්නනවා. ඩොලර් වලට කට අරින සාම වාදීනුයි යුද විරෝදීනුයි කොටින්ට වදිද්දි අඬාවැලපෙනවා. හැබැයි අපිට ඔය කිසි ප්රශ්ණයක් නැහැ.

අපි දන්නවා දමිල ඔක්කොම කොටි නෙමේ කියල. මම කැමතියි ළඟදි මගෙ දෙමල යාළුවෙක් කිව්ව කතාවක් කියන්ඩ, එයාගෙ දෙමව්පියො සහෝදර සහෝදරියො ඔක්කොම ඉන්නෙ යාපනේ. මිනිහ විතරක් මෙහෙ ඉඳල මේ පාර නිවාඩුවට ගමේ ගියා. තාම නිවාඩුවෙන් පස්සෙ දක්කෙ නෑ. මමත් කොට්ට කෙලෙන්ගු ගේනකන් බලන් ඉන්නෙ. :-) ….
මිනිහ මේ පාර ගමේ ගියෙ අවුරැදු 4කට පස්සෙ. යන්ඩ කලින් කිව්ව. “මම යන්ඩ හදුවෙ ඒ අවුරැදු වලත්. ඒත් ඒ දවස් වල යාපනෙත් දන් කොළඹ තියෙන තත්වෙ වගේ. බෝම්බ පුපුරනව කියල අම්ම මට ගමට එන්ඩ දුන්නෙ නෑ. දන් ආපහු යාපනේ හමුදාව යටතෙ තියෙන්නෙ. දන් ආපහු කරදරයක් බයක් නතුව ඉන්ඩ පුළුවන් කියල මේ පාර අවසර දුන්නෙ.”

ඔන්න ඕකයි තත්වෙ. දෙමළ සිහල කියල යුද්දයක් මෙහෙ නෑ. තියෙන්නෙ කොටියි ශ්රීලාකිකයොයි අතර ප්රශ්ණයක්. ඉතින් එහෙව් එකේ මේ කාලකණ්ණි යුද්දෙ ඉක්මනින් ඉවර කරල රටට සාමය සතුට ලංකරල දෙන්ඩ පුළුවන් වෙන්ඩ කියල ඒ සඳහා මහන්සි වෙන ජීවිත පූජා කරන සියළුම අයට මම මගේ සුභාසිශණ ගේනවා.

තරීඳු

April 28, 2008 Posted by tharindu | Uncategorized | | No Comments Yet

26-04-2008 සෙනසුරාදා

අද න මාර මහන්සියි.
උදේම පන්තියට ගියා student committee එකේ රැස්වීමකට. පන්තියෙ පැදුරු සාජ්ජයක් තියමු කියල කිව්ව. ඕන එකක්. හෙට පන්තියෙ get together party එක. වැද්දෙක් වගේ යන්ඩ බැරි හින්ද හදිස්සියෙ දුවල ගිහින් කොන්ඩෙයි  රැව්ලයි කපං ආව.

හවස ආපහු අවුරැදු කෑමකට යන්ඩ උනා. දවස ඉවරයි.

ගෙදර එද්දි 11.30. හෙට යන්ඩ තියෙන සාදෙට ඈදුමක් ලෑස්ති කලා. කලින් නිදාගන්ඩ ඕනෙ හින්ද යන්ඩ හදන්නෙ.

ඊයෙ බෝම්බෙ ගැන මොනවද කියන්නෙ කියල හිතෙනව. තාත්තගෙ ආයතනයෙ වැඩ කරන ගෑනු ළමයෙකුත් අහුවෙලාලු. මිනියවත් තාම අරගෙන නෑ කියලයි කිව්වෙ. එයාව පරිස්සං කරගෙන යන කෙනත් මරිලලු. දන්නං body gard වැඩෙත් හරි බයානකයි. Love දෙපිටිං යනව බෝම්බයක් එහෙම තිබ්බොත්.

අනේ මොන වරදක් කල මිනිස්සුද? එදා වේල අමාරුවෙන් හම්බකරගෙන කන අහින්සක මිනිස්සු. ගෙදර ගෑනු, ළමයි අම්ම එනකන්, තාත්ත එනකන් බලාගෙන ඉන්ඩ ඈති. ඒත්…..

කෝ මේ මානව හිමිකම් කට්ටිය? කෝ මේ යුද විරෝදී සෙට් එක. මේව අතිශය සාරණද? ඈයි මේ මල මිනිස්සු මිනිස්සු නෙමේද? කෝ මේ අතිශය කෝමල සිරස. ළමයි පිළිබ සිත උණු වෙලා වෑහෙන සිරස. මේ බස් එකේ හිටපු ළමයි, පාසල් සිසුන් අර කොටි කවුරු වලට බෝම්බ දම්මම මරෙන ළමයින්ට වඩිය කලුද? මේවට දුක හිතෙන්නෙ නද්ද? දවස ගානෙ සුදු වෑන් එකේ වික්රම කියවන සිරසට මේ අහින්සක ජීවිත ජීවිත නෙමේද?

ඔය කොයි එකාගෙත් කට ඈරෙන්ඩ කටට ඩොලර් ටිකක් වෑටෙන්ඩ ඕනෙ. නෑත්තන් කට අරෙන්නෙත් නෑ කතා කරන්ඩත් බෑ. ඒකත් කොටින්ට රිදුනොත් විතරයි. මට ප්‍රශ්නෙ තියෙන්නෙ මුං සිංහලද? දෙමළද, මුස්ලිම්ද, වෙන ජාතියකද කියන එක නෙවෙයි. මුං මිනිස්සුද කියලයි.

දැන්නං හරිම නිදිමතයි. හෙට එන්නං.

April 26, 2008 Posted by tharindu | Uncategorized | | 1 Comment